සම්මුතියේ ගමන ඇරැඹෙයි!

Date:

අද ආරම්භ වනුයේ සම්මුතිවාදී ගමනක් බවත් දියවන්නාවෙන් ඔබ්බට ජනතාවගේ ජීවිත ගොඩනැංවීමේ අරගලය වෙනුවෙන් ඇප කැප වෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා තරග වැදීමට තීරණය කර සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මොහොතේ රටේ ජනතාවත් වෙනුවෙන් ඓතිහාසික තීන්දුවක් ගත් බව පැවැසූ ඒ මහතා මේ රටේ දේශපාලනයට සැබෑ නව සංස්කෘතියක් හඳුන්වා දීම වෙනුවෙන් කැපවන බව ද පැවසීය.

මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා දෙමින්,දහනව වන ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කිරීමත් රට ආර්ථික සමාජ සංස්කෘතික වශයෙන් පෙරට රැගෙන යාමත් උදෙසා කැප වෙමින් මෙම තීන්දුව ගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ රටේ ජනතාවගේ අපේක්ෂාවන් මල් ඵල ගැන්වීම තමයි ඒකායන පරමාර්ථය බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ වෙනුවෙන් ඇප කැප වෙන බවද පැවසීය.

අනුප්‍රාප්තික ජනාධිපති ධූර අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහබාගී වූ විශේෂ මාධ්‍ය හමුව අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම උදෙසා පැවැත්වෙන ඡන්ද විමසීම හෙට පැවැත්වෙන අතර එහිදී සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ සහයෝගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදීමට තීරණය කරනු ලැබීය.

https://youtu.be/PPf4JacYJLo

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිහින බොඳ කරමින් රහසේම ජීවිතය හැරගිය සිසුවිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10.කොළඹ LNW : මෙවර උසස් පෙළ විභාගයට...

කෙහෙළිය පවුල අදත් අල්ලස් කොමිසමට!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ සහ දියණියක්...

ජපානයේ ශ්‍රී ලංකා තානාපති ජපන් අධිරාජයාට අක්තපත්‍ර පිළිගන්වයි!

කොළඹ LNW:ජපානයේ ශ්‍රී ලංකාවේ නව තානාපති මහාචාර්ය පිවිතුරු ජනක්...

විදේශ සංචිත සුළු වශයෙන් පහළට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල...