ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති හෙයින් ගංවතුර ඇඟවීම් ඉවත් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඒ අනුව, 1. මහඔය ද්‍රෝණිය
- දැදුරු ඔය
- මහවැලි ගඟ
- මහවැලි ගඟ :බදුලු ඔය උප ද්‍රෝණිය*
- කළු ගඟ
- කළු ගඟ:කුඩා ගඟ උප ද්‍රෝණිය*
- ගං ගඟ
- කැළණි ගඟ
- නිල්වලා ගඟ
- මැණික් ගඟ
- කුඹුක්කන් ඔය
- ගල් ඔය
- හැඩ ඔය
- මුන්දෙනි ආරු
- මාදුරු ඔය
- යාන් ඔය
- මා ඔය
- කලා ඔය
- මල්වතු ඔය
- මී ඔය
- අත්තනගලු ඔය යන ගංගා ද්‍රෝණි වෙත නිකුත් කර තිබුණු ගංවතුර අවදානම් නිවේදනය ඉවත් කර තිබේ.
කෙසේවෙතත් දිවයින් පුරා සිදුවන වර්ෂාවේ වෙනස්වීම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන අතර ඒ අනුව ගංගාවල ජල මට්ටම් වෙනස් වීම කෙරෙහි අවධානය යොමුකරමින් ගංවතුර තත්ත්වයක් ඇති වන්නේ නම් ඒ සම්බන්ධයෙන් පූර්ව දැනුවත් කිරීම් සඳහා කටයුතු යොදා තිබෙන බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.
