රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ

සටහන : සශිකලා මධුෂාණි

 දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ බලශක්ති හා කාර්මික යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් රුසියාව ඩ්‍රෝන යානා 450 කට වැඩි ප්‍රමාණයක් සහ කිංසාල් හයිපර්සොනික් මිසයිල ඇතුළු මිසයිල 30 කට වැඩි ප්‍රමාණයක ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ මිලියන ගණනකට විදුලිය අහිමි වී තිබේ.

ප්‍රහාරය හේතුවෙන් ඩිනිප්‍රොපෙට්‍රොව්ස්ක්, කිරොවොහ්රාඩ්, මයිකොලයිව්, ඔඩේසා සහ චර්නිහිව් ප්‍රදේශවලට බරපතල හානි සිදුව ඇති අතර යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඉහෝර් ක්ලිමෙන්කෝ ප්‍රකාශ කර තිබුණේ, කලාප පහක් බලපෑමට ලක්ව ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවත්, ගිනි නිවා දැමීමට සහ සැපයුම් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය.

යුක්රේන හා රුසියා යුද්ධය අවසන් කිරීම පිළිබඳ වැඩිදුර සාකච්ඡා සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ නියෝජිතයා මෙම සති අන්තයේ ජර්මනියට යන අතර යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ යුරෝපීය නායකයින් හමුවීමට නියමිතව තිබියදී මෙම ප්‍රහාරය සිදුව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...