නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW:
එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කරගෙන පැවත්වෙන අවුරුදු 19 න් පහළ පන්දු ඕවර් 50 ආසියානු ක්‍රිකට් තරගාවලියේ සියළුම කණ්ඩායම් එක තරගය බැඟින් නිමා කර තිබියදී පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සෙත්මික සෙනවිරත්ක සමත්ව සිටිනවා.ඔහු නේපාලයට එරෙහිව ලකුණු 25 ට කඩුලු 5 ක් දවා ගනඅ ලැබුවා.මේ වන විට පිතිකරණය පැත්තෙන් ගත් විට ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගයේදී හැරෙන්නට අන් සෑම තරගයකදීම ශතක වාර්තාවීම දකින්නට ලැබුණා.

තරගාවලියේ මේ දක්වා වාර්තා වී ඇති හොඳම ඉණිම පකිස්තානයේ සමීර් මින්හාස් සතු වන අතර ඔහු මැලේසියාවට එරෙහිව ලකුණු 177 ක් වාර්තා කරන්නට සමත් වුණා.එම තරගයේදී ම පකිස්තානය වෙනුවෙන් අහම්ඩ් හුසේන් ද ලකුණු 132 ක් රැස් කරන්නට සමත් වුණා.මින්හාස් ට පසුව වාර්තාවන වැඩිම ලකුණු සංඛ්‍යාව හිමි ඉන්දියාවේ පෘතවි සිංහවංශි එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 171 ක් රැස් කරනු ලැබුවා.

ඇෆ්ගනිස්තානය සහ බංගලාදේශය අතර තරගයේදී ඇෆ්ගනිස්තානයේ ෆයිසාල් ෂිනෝෂාඩා ලකුණු 103 ක් රැස් කළත් එම තරගයෙන් කඩුලු 4 ක ජයක් ලබන්නට බංගලාදේශයට හැකි වෙනවා.එම තරගය හැරෙන්නට පිතිකරුවන් ශතක වාර්තා කළ සෑම කණ්ඩායමක්ම ප්‍රතිවාදීන්ව එම ශතකයේ දායකත්වයද එකතු කරගෙන පරාජය කිරීම කැපී පෙණුනා.

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගයේදී ශතකයක් වාර්තා නොවන්නට ප්‍රධානම සාධකය වූයේ ශ්‍රී ලංකා නායක විමත් දින්සර කාසියේ වාසය ලබා මුලින්ම පන්දු රැකීමට තීරණය කිරීමයි.ඒ නිසා ඉතා ඉක්මණින් තරගය නිමා කර කඩුලු 5 ක් ජයක් ලබා ගන්නට හැකි වුණා.සෙත්මික සෙනවිරත්න ඇතුළු පන්දු යවන්නන් මේ තරගයේදී නේපාලය ලකුණු 82 සීමා කරන්නට කටයුතු කළා.
වේගය මෙන්ම දෝලනය ද සහිතව සිය මඳවේග පන්දුවෙන් උපරිම ප්‍රයෝජනය ගත් සෙත්මික මෙවර ආසියානු අවුරුදු 19 න් පහළ තරගාවලියේ පළමු කඩුලු 5 උරුම කර ගන්නට සමත් වුණා.කෙසේ නමුත් මෙම ලකුණු 82 වෙනුවෙන් ශ්‍රී ලංකාව ලබා දුන් අතිරේක ලකුණු 19 ඉදිරි තරගවලදී සීමා කර ගැනීම ගැන ශ්‍රී ලංකාව කල්පනා කළ යුතු වෙනවා.මෙම අතිරේක ලකුණු 19 න් 15 ක් ම ගලා ආවේ වයිඩ් පන්දු හැටියටයි.
සෙත්මික ද වයිඩ් පන්දු 3 කින් ලකුණු ලබා දුන් අතර එයට එකතු වූ අතිරේක පන්දු 3 සහ අතිරේක ලකුණු 3 සමඟ වූ ලකුණු 25 නොවන්නට ඔහු විසින් ඇති කළ පීඩනය තවත් වැඩි වෙන්නට තිබුණා.වයිඩ් පන්දු යැවීමේදී රසිත් නිම්සර දැක් වූ දායකත්වය 4 ක්.ආකාස් විග්නේෂ්වරන් ද වයිඩ් පන්දු 3 ක් යවනු ලැබුවා.
මේ දිනවල මහනුවර පිළිබඳ අපට ඇති සංවේගාත්මක මතකයන් අතරේ මේ තරගය ශ්‍රී ලංකාවට කඩුලු අටකින් දිනා දෙන්නට මහනුවර නියෝජනයන් කළ වික්‍රමයන් සුවිශේෂයි.ත්‍රිත්ව විද්‍යාලීය සෙත්මික මෙන්ම ලකුණු 82 හඹා යාමේදී නොදැවී ලකුණු 39 ක් ලැබූ ත්‍රිත්වයේම දිමන්ත මහවිතානත්,කිංස්වුඩ් විද්‍යාලය නියෝජනය කරමින් ජාතික කණ්ඩායමට එක් වී සිටින කවීජ ගමගේ නොදැවී රැස් කළ ලකුණු 24 ත් කැපී පෙණුනා.
තරගයේ ලකුණු සටහනට පහතින් පිවිසිය හැකියි.
https://bit.ly/4q0jZOy
