හේම කුමාර නානායක්කාර සර්වජන බලයේ ජ්‍යෙෂ්ඨ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි.

Date:

මින් ඉදිරියට මා විසින් කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවී අපගේ මාතෘ භූමියේ අභිමානය, අප ප්‍රෞඪ ජාතියේ ශ්‍රේෂ්ඨත්වය සහ බුදු දහමේ අභිවෘද්ධිය වෙනුවෙන් පූර්ණකාලීනව කටයුතු කිරීමට තීරණය කළ බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය සර්ව ජන බලයේ ජ්‍යෙෂ්ඨ නායක ආචාර්ය හේම කුමාර නානායක්කාර මහතා පවසයි.
“පෙරළි කාර හේමකුමාර “නම් වූ චරිතාපදානය කෘතිය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වෙමින් එතුමන් පැවසීය.

පසුගියදා කොළඹ පදනම් ආයතනයේදී පැවති මෙම උත්සවය පූජ්‍යපාද ඇල්ලේ ගුණවංශ නාහිමිපාණන් වහන්සේගේ සහ දේශ මාන්‍ය හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේන යන මැතිතුමන්ලට අමතරව වර්තමාන රජයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ඇතුළු හිටපු මැති ඇමතිවරුන් ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි .

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ආචාර්ය හේම කුමාර නානායක්කාර මහතා,වර්තමානය වන විට බොහෝ පිරිස් සහ සමහර නායකකාරකාදීන්ගේ ක්‍රියාකාරකම් අදහස් උදහස් සහ වැඩ සටහන් පිළිබඳ
විමර්ශනය කර බැලීමේදී අපගේ ජාතිය සහ ආගම බරපතළ ලෙස තර්ජනයට ලක්වෙමින් පවතින බව පෙන්වා දුන්නේය.

මෙය නිහඬව දෑත් බැඳ බලා සිටිය යුතු අවධියක් නොවන බව මට දැන් කාලයක සිට හිතට වද දෙන සිතුවිල්ලක් වී ඇත .ඒ සඳහා මමත් පෙරමුණ ගත යුතුයි යන හැඟීම තුළ මා තවදුරටත් දේශපාලන පක්ෂයකට ගැති නොවී නිදහස් පුද්ගලයෙකු වශයෙන් කටයුතු කිරීමට තීරණය කර ඇති බව කියා සිටී හේම කුමාර නානායක්කාර මහතා, ඒ සඳහා මහා සංඝරත්නයේ ආශිර්වාදයත් මග පෙන්වීමත් අපගේ විද්වතුන්ගේ සහයෝගය සහ සහභාගිත්වයත් අපේක්ෂා කරන බව කියා සිටියේය.


රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම අප සියලු දෙනාගේම වගකීම සහ යුතුකම බව කියා සිටි ආචාර්ය හේම කුමාර නානායක්කාර මහතා ප්‍රජා තන්ත්‍රවාදීව පිහිටුවා ගත් ආණ්ඩුවක් බලහත්කාරයෙන් අරගලකර පෙරලා දැමීමට කිසිම කෙනෙකුට අයිතියක් නොමැති බවත් ජනාධිපතිවරයෙක් ආණ්ඩුවක් වෙනස් කිරීමට ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමේ ක්‍රමවේදයක් අපේ ව්‍යවස්ථාවේ අඩංගු බව පෙන්වා දුන් හේම කුමාර නානායක්කාර මහතා මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතුවලට සමහර විදෙස් රටවල් වල සෘජු මැදිහත්වීම් ඇති බවත් ඒවායින් අපේ රටත් ජාතියත් ආරක්ෂා කර ගැනීම අප හැමදෙනාගේම වගකීම වන බවද පෙන්වා දුන්නේය.

පූජ්‍ය පාදපූජ්‍යපාද ඇල්ලේ ගුණවංශ නා හිමිපාණන් වහන්සේ හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා,හිටපු කතානායක දේශමාන්‍ය කරු ජයසූරිය මහතාද මෙදිනදින සභාව අමතන ලදී.
ප්‍රවීණ ගත් කතුවරයෙකු සහ මාධ්‍යවේදියකු වන ජගත්චන්ද්‍ර මහතා රචනා කරන ලද පෙරළිකාර හේම කුමාර ග්‍රන්ථය අලවියෙන් ලැබෙන සියලුම මුදල් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන අරමුදලට බැර කිරීමට තීරණය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රමෝදය එක්ක ප්‍රබෝධය එයි ද?

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: එක්සත් අරාබි එමීර් රාජ්‍යය...

ඩුබායි අස්වැන්න රන් තුනයි – ලෝකඩ දෙකට නඟී

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ආසියානු...