මෙරට මාර්ග පද්ධතිය පිළිබද ඔබ දැනුවත්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW :

ජනාතාවට මෙරට මාර්ග පද්ධතිය පිළිබද දැනුවත් විය හැකි දත්ත පද්ධතියක් හදුන්වා දී තිබෙන බව වාර්තා වේ.

අමාත්‍ය බිමල් රත්නායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙන්නේ. මෙම සති කිහිපයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමටයි කටයුතු යොදා ඇති බවයි .

මෙරට පාරවල්වල තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා මෙතෙක් නිසි ක්‍රමවේදයක් නොතිබුණු අතර,ආපදාවෙන් පසු මාර්ග පද්ධතියට දැඩි හානි සිදුවූ අතර එම තත්ත්වය හමුවේ මෙවැනි දත්ත පද්ධතියක අවශ්‍යතාව දැඩි ලෙස මතුවිය.

ඒ අනුව සම්පූර්ණයෙන්ම මහජන සහභාගීත්වය මත ගොඩනැගුණු දත්ත පද්ධතියක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරෙන බව සඳහන් වේ.

ඒ අනුව මාර්ගයක් සම්බන්ධයෙන් වන අනතුරක්, වසා තැබීමක් වැනි තොරතුරු මෙම https://road-lk.org වෙබ් අඩවියට ඇතුලත් කළ හැකියි.

සිංහල, දෙමළ ඉංග්‍රීසි ඕනෑම භාෂාවකින් ඡායාරූප සහිතව තොරතුරු  ලබාදීමට හැකිවීම මෙහි විශේෂත්වයක්.

ජනතාව එම තොරතුරු ඇතුලත් කළ පසු මාර්ග සංවර්ධන අධිකාරිය එහි නිවැරදි බව තහවුරු කිරීම සිදු කෙරේ.

අමාත්‍ය බිමල් රත්නායක මහතා පෙන්වා දෙන්නේ, මෙම පද්ධතිය ක්‍රමයෙන් දියුණු කළ හැකි බවයි

සති කිහිපයක් පුරා මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමෙන් පසු ස්ථිර ලෙස මෙම වැඩපිලිවෙල ආරම්භ කිරීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි 30ක මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් කෝටි 30කට අධික වටිනාකමින් යුත්...

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...