Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

Date:

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෙස් විදෙස් සංවිධාන, ව්‍යාපාරිකයන් සහ දානපතීන් විසින් දිනපතා ආධාර කරනු ලැබේ.

ඒ අනුව, Senura Civil Engineering (Pvt) Ltd සහ Rank Container Terminal (Pvt) Ltd ආයතන දෙක විසින් අද (15) දිනයේදී රුපියල් මිලියන 50ක ආධාරයක් පිරිනමනු ලැබීය. Senura Civil Engineering (Pvt) Ltd ආයතනයෙන් රුපියල් මිලියන 25ක්ද, Rank Container Terminal (Pvt) Ltd ආයතනයෙන් රුපියල් මිලියන 25ක්ද වශයෙන් මෙම මූල්‍ය පරිත්‍යාගවලට අදාළ චෙක්පත් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.

මෙම අවස්ථාවට එම ආයතන දෙක නියෝජනය කරමින් රවි විජේරත්න, ෂහේන් විජේරත්න සහ ශාන්ත ඉලංගමුදලි යන මහත්වරු එක්ව සිටියහ.

රෑන්ක් කන්ටේනර් ටර්මිනල් සමාගම හිමි රෑන්ක් හෝල්ඩිංස් සමාගම කෝටිපති ව්‍යාපාරික රවී විජේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු වන අතර RCT බහාලුම් මෙහෙයුම් පර්යන්තය මෙන්ම හෝටල් සහ විනෝදාස්වාද කර්මාන්තය, බලශක්ති ක්ෂේත්‍රය, ඉදිකිරීම් කර්මාන්තය සහ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර රැසක විහිදෙමින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන ආයතනයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා තීරයේ රාෆා හරස් මාර්ගය සීමිත ගමන් සඳහා නැවත විවෘත කරන බව ඊශ්‍රායලය පවසයි.

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රෆා දේශසීමා පිවිසුම සීමිත...

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

රංගන ශිල්පීන්ගේ විරෝධය මධ්‍යයේ Trump විසින් ප්‍රතිසංස්කරණ සඳහා කෙනඩි මධ්‍යස්ථානය වසා දැමීමට යයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය වෙනුවෙන් තරඟකරුවන් 11ක්!

සටහන - පුලී පෙබරවාරි 02, LNW (කොළඹ): යෞවනයන්ට අපේ ලෝකය...