සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ගලා ගිය කඳුළු මිහිදන් වූ හැටි…

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගිය පුද්ගලයින්ගේ අවසන් කටයුතු සඳහා විශාල ජන සහභාගිත්වයකින් යුතුව පවත්වමින් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සඳහා එරට අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දේශපාලඥයින් රැසක්ද එක්ව සිටින බවයි.

ඕස්ට්‍රේලියාවේ සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බඳුන ක්‍රිකට් තරඟාවලියේ තුන්වන තරඟය අද ආරම්භ කිරීමට පෙර මෙම ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත් වූවන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක්ද පැවැත්වූ බව වාර්තා වේ.

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වුණා. තුවාල ලැබූ 22ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද සඳහන් වන අතර, ඒ අතරින් 09 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.

තුවාල ලැබූවන්ට රුධිරය පරිත්‍යාග කිරීම සඳහා 50,000කට අධික පිරිසක් එක්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෙරළ තීරයේ රැදී සිටි පිරිස් ඉලක්ක කරගනිමින් තුවක්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණු අතර, ඒ, පුද්ගලයින් 1,000ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් සිඩ්නිහි, ප්‍රකට බොන්ඩි වෙරළ තීරයේ පැවැත්වීමට නියමිතව තිබූ යුදෙව් ප්‍රජාවගේ ආගමික උත්සවයක් ඉලක්ක කරගෙනයි.

වෙඩි තැබූ එක් පුද්ගලයෙකු ඉන්දීය සම්භවයක් ඇති අයෙකු බවට තහවුරු කරගෙන ඇති අතර, ඔහු 1998 වසරේදී ඕස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ දකුණු ඉන්දියාවේ සිට බව තොරතුරු වාර්තා කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒෂාන් මාලිංග තුන්වන තරගයට නැතත් ලෝක කුසලානයට සූදානම් ?

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: එංගලන්තය සමඟ පැවති දෙවන...

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...