ආපදාවෙන් ගොඩයන්න පුළුවන්. ආණ්ඩුවට මුදල් තියෙනවා!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ආපදා තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා තවත් රුපියල් බිලියන 500ක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

කෙසේවෙතත් ඒ වෙනුවෙන් ආණ්ඩුව සතුව මුදල් පවතින බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

“රු බිලියන 1,400ක් අපි වෙන්කරලා තියෙනවා එන අවුරුද්දේ ප්‍රාග්ධන වියදම් හැටියට. පාරවල් හදන්න, ඉස්පිරිතාල හදන්න වගේ දේවල්වලට. මේ සුළි කුණාටුව නිසා වෙච්ච හානියට නැවත වෙන්කිරීමක් කරන්න මුදල් තියෙනවා. මම විශ්වාස කරන්නේ නෑ ආපහු මුදල් ඕන කියලා. හැබැයි එදිනෙදා වියදම් තියෙනවානේ ගෙවල් සුද්ද කරන්න වගේ දේවල්වලට ඒකට රු බිලියන 500ක් විතර වැඩිපුර වියදම් වෙනවා. ඒක දරාගන්න පුළුවන්. IMF එකේ කොන්දේසියක් තියෙනවා 13%යි අපිට වියදම් කරන්න පුළුවන් කියලා ප්‍රාථමික වියදම හැටියට. නමුත් අපිට මේ ප්‍රශ්නය නිසා අපිට යම්කිසි නිදහසක් තියෙනවා ඊට වඩා වියදම් කරන්න. අනිත් එක තමා රු ට්‍රිලියනයකට වඩා බැංකුවේ තියෙනවා ආණ්ඩුවේ.”

මේ අතර ‘Rebuilding Sri Lanka’ අරමුදල ව්‍යාවස්ථාපත අරමුදලක් බවට පාර්ලිමේන්තුව මඟින් සම්මත කළ යුතු බවද මන්ත්‍රීවරයා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති මහින්ද එක්කම FCID එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති...

ලංකා විදුලි බල මණ්ඩලයේ අවසන් සති කිහිපය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ...