ඉරණමඩු ජලාශය තවදුරටත් වාන් දමයි..

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW :

මේ වනවිටත් , උතුරු පළාතේ විශාලතම ජලාශය වන කිලිනොච්චිය ඉරණමඩු ජලාශය තවදුරටත් වාන් දමන බව කිලිනොච්චිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පැවති වර්ෂාව හේතුවෙන් කිලිනොච්චිය වැවේ ජල ධාරිතාව අඩි 37 යි අඟල් 09 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, ඉරණමඩු ජලාශයේ ජල පෝෂක ප්‍රදේශ වෙත තවදුරටත් වැසි ඇඳ වැටෙමින් පවතින බැවින් ජලාශයේ ජල ධාරිතාව ඉහළ යමින් පවතින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

කිලිනොච්චිය ජලාශයේ වාන් මට්ටම අඩි 36 ක් වන බවද දිස්ත්‍රික් වාරිමාර්ග කාර්යාලය පැවසූ අතර, කිලිනොච්චිය ජලාශයේ වාන් දොරටු 14 ම විවෘත කොට ඇති අතර,වාන් දොරටු හයක් අඩිය බැඟින් විවෘත කොට ඇති අතර,අනෙකුත් වාන් දොරටු අට අඟල් හය බැඟින් විවෘත කොට ඇති බවද කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...