හානි සිදු වූ මාර්ග පද්ධතිය ආරක්ෂිතව ඉදිකිරීමට වැයවන මුදල අති විශාලයි -නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW :

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන, ආපදාවෙන් හානි සිදු වූ මාර්ග පද්ධතිය ආරක්ෂිතව ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 190ක් වැය වන බවට ඇස්තමේන්තු කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ඒ මහතා කියා සිටියේ , දුම්රිය මාර්ග ගොඩනැගීම සඳහා ද රුපියල් මිලියන  340 ක් වැය වන බවට ගණන් බලා ඇති බවයි.

රුපියල් මිලියන 822 ක් වැය කරමින් මහනුවර විලියම් ගොපල්ලා මාවත මංතීරු 04ක් දක්වා සංවර්ධනය කෙරෙන අතර, මහනුවර දුම්රිය ස්ථාන පරිශ්‍රයේ දුම්රිය කාර්ය මණ්ඩලය සඳහා මහල් 07 කින් යුත් සියලු පහසුකම් සහිත ගොඩනැගිල්ලක් ඉදි කෙරෙන අතර ඒ සඳහා වැය කෙරන මුදල රුපියල් මිලියන 1528 ක් බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

රුපියල් මිලියන 622 ක් වැය කරමින් මහනුවර ලුවී පීරිස් මාවත  සංවර්ධනය කිරීමේ කටයුතු ද ආරම්භ කෙරුණි. මහනුවරදී සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරමේ වැඩසටහන එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළ සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...