ගුවන සෙලවෙයි

Date:

sms sharing button 

sharethis sharing button 

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW:

මැලිබන් කුසලාන ජාතික රග්බි සූරතාවලියේ මේ දක්වා ඉදිරියෙන් සිටි ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 20 – 5 ක් ලෙස පරාජය කරන්නට හැව්ලොක් කණ්ඩායම සමත් වුණා.හැව්ලොක් ක්‍රීඩා පිටියේදී පැවති මෙම තරගයේදී ගුවන් හමුදා කණ්ඩායමට පළමු අර්ධයේ දී කිසිඳු ලකුණක් රැස් කිරීමට අවසර නොදුන් හැව්ලොක් ක්‍රීඩකයින් ලකුණු 13 – 0 ක් ලෙස පෙරමුණට පැමිණියා.දෙවන අර්ධයේදී යම් අභියෝගයක් කරමින් ගුවන් හමුදා ක්‍රීඩකයන් උථ්සාහක දිණුමක් වාර්තා කළත්,හැව්ලොක්ස් ක්‍රීඩකයන් උත්සාහක දිණුමකට එකතු කළ සාර්ථක ප්‍රවර්තනය ද සමඟ තවත් ලකුණු 7 ක් එක් කර ගන්නට සමත් වුණා.


ලොන්ඩන් පෙදෙසේ දී පොලිසිය හමු වූ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයට සිඳු වූයේ ලකුණු 43 – 7 ක පොලිස් ප්‍රහාරයක් භූක්ති විඳින්නටයි.තරගයේ පළමු අර්ධයේදී පොලිසිය වඩාත් ආක්‍රමණික වූ අතර ඔවුන් ප්‍රතිවාදීන්ට කිසිඳු ලකුණක් රැස් කරන්නට ඉඩ නොතබා ලකුණු 24 ක් එක් කරන්නට සමත් වුණා.දෙවන අර්ධයේදී පොලිස් කණ්ඩායම තවත් ලකුණු 19 කින් සිය ලකුණු ප්‍රමාණය පෝෂණය කර ගනිද්දී ශ්‍රී ලයන්ස් කණ්ඩායමට හැකියාව ලැබුණේ ලකුණු 7 ක් එක් කර ගන්නට පමණයි.
නාවික හමුදා කණ්ඩායම නාවික හමුදා පිටියේදී ම සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩකයන්ගේ දැඩි ප්‍රහාරයකට ලක් වුණා.සීආර් කණ්ඩායම පළමු අර්ධයේදී සිය ලකුණු ප්‍රමාණයට ලකුණු 31 ක් එකතු කර ගත් අතර දෙවන අර්ධයේදී එය තවත් ලකුණු 33 න් පොහොසත් කර ගනිමින් මුළු ලකුණු එකතුව ලකුණු 64 ක් බවට පත් කර ගන්නට සමත් වුණා.නාවික හමුදා ක්‍රීඩකයින් පළමු අර්ධයේදී ලබා ගත්තේ ලකුණු 3 ක් පමණක් වුව ද,දෙවන අර්ධයේදී එම ලකුණු ප්‍රමාණයට තවත් ලකුණු 12 ක් එකතු කර ගනිමින් සමස්ත ලකුණු ප්‍රමාණය ලකුණු 15 ක් බවට පත් කර ගන්නට සමත් වුණා.

ඡායාරූපයේ දැක්වෙන්නේ හැව්ලොක් පිටියේ පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සහ හැව්ලොක් කණ්ඩායම අතර තරගයේ අවස්ථාවන්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...

ධන කුවේරයන්ගෙන් හිනි පෙත්තටම යන රටවල්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  බිලියනපතියන්ගේ ධනයෙහි ගෝලීය...

ණය සඳහා ඉල්ලුම් කිරීමෙන් පමණක් කර්මාන්ත ගොඩගන්න බැහැ – මූල්‍ය කළමනාකරණය ගැන හිතුවාද?

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:අපදාවෙන් විපතට පත් කර්මාන්තකරුවන්...