ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජාත්‍යන්තරව හිමිවූ 29 වන ඉහළම ගෞරවනීය සිවිල් සම්මානය ඕමානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඕමානයේ නිල සංචාරයක නිරත වූ අතර, එරට ඉහළම සිවිල් සම්මානය එහිදී ප්‍රදානය කර තිබේ.

මෙම අවස්ථාව ඉන්දු – ගල්ෆ් සබඳතාවල වැදගත් රාජ්‍ය තාන්ත්‍රික මොහොතක් සනිටුහන් කිරීමක් බව, ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේය.

එමෙන්ම දෙරට අතර ශක්තිමත් වන උපායමාර්ගික, ආර්ථික සහ සංස්කෘතික හවුල්කාරිත්වය ද මෙමගින් අවධාරණය කරයි.

ඕමානයෙන් පිරිනැමූ සිවිල් සම්මානයත් සමග ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජාත්‍යන්තරව හිමිවූ 29 වන ඉහළම ගෞරවනීය සිවිල් සම්මානය එයයි.

ඕමානයේ ඉහළම සිවිල් සම්මානය ඓතිහාසිකව ඕමානයේ ජාත්‍යන්තර සබඳතාවලට දායක වූ ලෝක නායකයින් සහ කීර්තිමත් පුද්ගලයින් සඳහා පිරිනැමෙන අතර , එය හිමිවූවන් අතර බිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජින, දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා, ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා සහ ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමුස් සමුද්‍ර සන්ධිය දින 7කින් විවෘත කිරීමට ඉරානයෙන් ඇමරිකාවට යෝජනාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: එක්සත් ජාතීන්ගේ මහා...

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් 7කට තුවාල. තිදෙනෙකුට බරපතළයි

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින්...

ප්‍රදේශ රැසකට විටින් විට වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 26) දිනයේදී බස්නාහිර සහ...

22ට කථානායකගේ සහතිකය

සටහන - රුවන් නෙළුගොල්ල 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...