රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW :
උද්ගතව ඇති ආන්දෝලනාත්මක හේතුවක් මත භාවිතය අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රොන්’ ඖෂධය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේ, එම ඖෂධය සම්බන්ධයෙන් සිය රසායනාගාරයේ මේ වනවිටත් පරීක්‍ෂණ සිදුකරමින් ඇති බවයි.
එමෙන්ම අදාළ ඖෂධය ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරයකින් පරික්‍ෂා කරන ලෙසට එම ඖෂධය නිෂ්පාදනය කළ ඉන්දීය සමාගමද ඉල්ලීමක් කර ඇති බවද ඔහු පැවසූ අතර, මෙම ඖෂධය අලලා ඇතැම් පාර්ශව ජනතාව නොමග යැවීම සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අදහස් පළ කළේය.
ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, අදාළ ඉන්දීය සමාගමෙන් මෙරටට ආනයනය කරනු ලබන අනෙකුත් එන්නත් වර්ගද මෙරට තුළ භාවිතය තාවකාලිකව අත්හිටවූ බවයි.
