භාවිතය අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රොන්’ ගැන නවතම තීරණය!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW :

උද්ගතව ඇති ආන්දෝලනාත්මක හේතුවක් මත භාවිතය අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රොන්’ ඖෂධය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේ, එම ඖෂධය සම්බන්ධයෙන් සිය රසායනාගාරයේ මේ වනවිටත් පරීක්‍ෂණ සිදුකරමින් ඇති බවයි.

එමෙන්ම අදාළ ඖෂධය ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරයකින් පරික්‍ෂා කරන ලෙසට එම ඖෂධය නිෂ්පාදනය කළ ඉන්දීය සමාගමද ඉල්ලීමක් කර ඇති බවද ඔහු පැවසූ අතර, මෙම ඖෂධය අලලා ඇතැම් පාර්ශව ජනතාව නොමග යැවීම සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අදහස් පළ කළේය.

ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, අදාළ ඉන්දීය සමාගමෙන් මෙරටට ආනයනය කරනු ලබන අනෙකුත් එන්නත් වර්ගද මෙරට තුළ භාවිතය තාවකාලිකව අත්හිටවූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...