රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW :
මෙරට විපතට පත් ජනතාව වෙනුවෙන් ඉන්දීය සහන පැකේජයක් ලබාදීම වෙනුවෙන්, හෙට (22) දින ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. හෙට පස්වරුවේ ඔහු දිවයිනට පැමිණීමට නියමිත බව, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ආපදාවට පත්වූ මෙරට ජනතාව වෙනුවෙන් ඉන්දියාව ආරම්භ කළ සාගර බන්දු මෙහෙයුමේ තවත් පියවරක් සනිටුහන් කිරීම, එස් ජයශංකර්ගේ සංචාරයේ තවත් අරමුණක් බවයි. මේ අතර, චීනයේ, ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ෂාඕ ලේජි, දෙදින නිල සංචාරයක් සදහා අනිද්දා දිවයිනට පැමිණීමට නියමිත බවද වාර්තා වේ.
විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේ, ආපදාවට ලක් වූ මෙරට ජනතාවට උපකාර කිරීමේ ඉදිරි වැඩපිළිවෙළ නිරීක්ෂණය කිරීම සදහා තවත් දූත පිරිසක් සමග ඔහු දිවයිනට පැමිණෙන බව, නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ෂාඕ ලේජි, චීන ජනාධිපති සහ අගමැතිගෙන් පසු, එරට ආණ්ඩුවේ තුන්වැනි ප්‍රබලතම සාමාජිකයාද වේ.
