හෙට සහ අනිද්දා දිවයිනට එන ඉන්දීය සහ චීන අමුත්තෝ !

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW :

මෙරට විපතට පත් ජනතාව වෙනුවෙන් ඉන්දීය සහන පැකේජයක් ලබාදීම වෙනුවෙන්, හෙට (22) දින ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. හෙට පස්වරුවේ ඔහු දිවයිනට පැමිණීමට නියමිත බව, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ආපදාවට පත්වූ මෙරට ජනතාව වෙනුවෙන් ඉන්දියාව ආරම්භ කළ සාගර බන්දු මෙහෙයුමේ තවත් පියවරක් සනිටුහන් කිරීම, එස් ජයශංකර්ගේ සංචාරයේ තවත් අරමුණක් බවයි. මේ අතර, චීනයේ, ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ෂාඕ ලේජි, දෙදින නිල සංචාරයක් සදහා අනිද්දා දිවයිනට පැමිණීමට නියමිත බවද වාර්තා වේ.

විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේ, ආපදාවට ලක් වූ මෙරට ජනතාවට උපකාර කිරීමේ ඉදිරි වැඩපිළිවෙළ නිරීක්ෂණය කිරීම සදහා තවත් දූත පිරිසක් සමග ඔහු දිවයිනට පැමිණෙන බව, නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ෂාඕ ලේජි, චීන ජනාධිපති සහ අගමැතිගෙන් පසු, එරට ආණ්ඩුවේ තුන්වැනි ප්‍රබලතම සාමාජිකයාද වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...