ගැබිණි කත කළ අමුතු ජාවාරම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW :

වෙන්නප්පුව පොලීස් නිලධාරීන් විසින්, ගැබිණි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. ඒ, නීති විරෝධී මත්පැන් පැකට් කර දුර ගමන් සේවා බස් රථ සේවකයින් සඳහා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වීමේ කටයුත්තක් හේතුවෙනි.

ඊයේ (20) දිනයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ පදිංචිව සිටින අවුරුදු 19ක කාන්තාවක් වන අතර සැකකාරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකාරිය සිය සැමියා සමඟ මත්පැන් පැකට් කරමින් සිට ඇති අතර ඇය සතුව තිබී කසිප්පු බෝතල් 96ක් ද පොලිස් බාරයට ගෙන ඇති අතර, ගැබිනි කාන්තාවක් දුර ගමන් සේවා බස් රථ සේවකයින්ට මත්පැන් පැකට් අලෙවි කරන බවට පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය සහ ඇය සතුව තිබී පොලිස් බාරයට ගත් කසිප්පු තොගය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...