*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

සාමකාමී විරෝධතාවට බාධා කළේ නැහැ.සිදුකළේ රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීම – පොලීසියෙන් නිවේදනයක්

මහජන සාමය කඩවන ලෙස සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට බාධා වන අයුරින් කටයුතු කරන්නේ නම් එවැනි අවස්ථාවලදී මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිවිට පසුබට නොවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය අවධාරණය කරයි.

‘ජනාධිපති ලේකම් කාර්යාලය තුළ රැඳී සිටි නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ඉවත් කිරීමට කටයුතු කිරීම’ යන ශීර්ෂයෙන් යුතුව නිකුත්කර ඇති නිවේදනයේයි එලෙස දැක්වෙන්නේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති විරෝධී ලෙස රැඳී සිටි පිරිස ජුලි 22 වන දින අලුයම කාලයේ දී ඉන් ඉවත් කිරීම ශ්‍රී ලංකා පොලිසිය,ත්‍රිවිධ හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් සිදු කරන ලද අතර
එම අවස්ථාවේ එහි රැඳී සිටි පිරිස් ගොඩනැගිල්ලෙන් පිටතට ගැනීමට කටයුතු කළ බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපස ප්‍රධාන දොරටුව හා එම දොරටුවට බාධා කරමින් අවට රැඳී සිටි පිරිස ද එම ආකාරයටම ඉවත් කිරීමට කටයුතු කළ බවත් එහි දැක්වෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලයට බාධාවක් වන ආකාරයෙන් පදික වේදිකාවේ තාවකාලිකව ඉදි කර තිබූ කූඩාරම් ද ඉවත් කිරීමට කටයුතු කරන ලද අතර, මෙහිදී සැකකරුවන් නවදෙනෙකු අත්අඩංගුවට ගැනීමටද සිදුවූ බවත් පොලීසිය නිවේදනය කර සිටියි.

මෙම විරෝධතා කරුවන් පිරිස ජුලි 09 වන දින සිට ජනාධිපති ලේකම් කාර්යාලය තුළ රැඳී සිටිමින් එය ඔවුන්ගේ පරිශ්‍රයක් බව හඟවමින් එම ස්ථානයට යන ආරක්ෂක නිලධාරීන්ට පවා බාධා කරමින් පරිභව කරමින් කටයුතු කළ අතර පොලිස් නිලධාරීන් පවා ඔවුන් සිටින ස්ථානවලට ගිය අවස්ථාවලදී එම නිලධාරීන් ද ඔවුන් සිටි ස්ථාන වලින් ඉවත් වන ලෙසට දැනුම් දෙන අවස්ථා දක්නට ලැබුණු බවයි පොලීසිය පවසන්නේ.

”නමුත් මෙම විරෝධතාකරුවන් රාජ්‍ය පාලනයේ දී ඉතාම වැදගත් මෙන්ම භාරදූර කාර්යයක් ඉටු කරන කාර්යාල පද්ධතියක් නීති විරෝධී ලෙස අත්පත් කරගෙන තිබුණි.

රටේ මහජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා විවිධ තීන්දු තීරණ ගනු ලබන කාර්යාල පද්ධතියෙන් සාමකාමීව ඉවත්වන ලෙසට අදාළ නීත්‍යානුකූල බලධාරීන් අවස්ථා කීපයකදී ඉල්ලා සිටිය ද නොයෙකුත් විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් ඔවුන් විසින් ම විවිධ දින වකවානු නියම කරමින් මෙම ස්ථානයේදී රැඳී සිටීමට උත්සාහ කරන බව ආරක්ෂක අංශයන් වෙත නිරීක්ෂණය විය.

කෙසේ වුවද ජුලි 14 වන දින කොළඹ මධ්‍යම කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා, කොළඹ මධ්‍යම දිස්ත්‍රික් iii භාර සහකාර පොලිස් අධිකාරීවරයාත් ජුලි 18 වන දින නැවත වරක් කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාත්, කොළඹ මධ්‍යම දිස්ත්‍රික් iii භාර සහකාර පොලිස් අධිකාරීවරයාත්, කොටුව වැඩබලන පොලිස් අධිකාරිවරයාත්, විරෝධතාකරුවන් හමුවී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සාමකාමීව ඉවත් වන ලෙසට ඉල්ලා සිටි අතර, එම අවස්ථාවලදී ඉවත්ව යාම ප්‍රතික්ෂේප කරමින් ආවේගශීලීව ජේෂ්ඨ නිලධාරීන් වෙත ප්‍රතිචාර දක්වා තිබුණි.

එම ගොඩනැගිල්ල තුළ තිබෙන වටිනා රජයට අයත් දේපළ හා ලියකියවිලි වලට හානි සිදුවන බව තවදුරටත් නිරීක්ෂණය වෙමින් තිබූ අතර, එම පිරිස ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට පවා සාමයට ලැදි ජනතාවගෙන් චෝදනා එල්ල වී තිබුණි.

සියලු තත්ත්වයන් සලකා බැලීමෙන් පසු වෙනත් විකල්ප ක්‍රියා මාර්ගයක් නොතිබූ බැවින් මේ ආකාරයට විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් කරන ලද අතර විරෝධතාවයේ යෙදීමට අවශ්‍ය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පුරවැසියකුට ලබා දී ඇති අයිතිවාසිකම් වල සීමාවන් හැඳිනගෙන නීත්‍යානුකූලව හා සාමකාමීව විරෝධතාවයේ දෙන ලෙසට ඔවුන්ට දැනුම් දෙන ලදී.”

තර්ජනය කරමින් බලපෑම් කරමින් ප්‍රචණ්ඩත්ව හෝ කළහකාරිත්වය මුදා හරිමින් මහජන සාමයට බාධා හා හිරිහැර වන අයුරින් කටයුතු කළහොත් මහජන සාමය පවත්වා ගැනීම සඳහා හිත එරෙහිව නීත්‍යානුකූලව ක්‍රියා කිරීමට සිදුවන බවද පොලීසිය අවධාරණය කර ඇත.

එසේම විරෝධතාවය දැක්වීමේදී අන් අයගේ මතයන්ට ද ගරු කරමින් රාජ්‍ය දේපල ආරක්ෂා වන ආකාරයට කටයුතු කළ යුතු වන අතර එසේ නොවන අවස්ථාවන් වලදී නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් මැදිහත් වනු ඇති බවත් මෙම විරෝධතාකරුවන් ඉවත් කිරීමේ දී ද ප්‍රති විරෝධතා දැක්වූ විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා යම් ක්‍රියාමාර්ග ගැනීමට ආරක්ෂක නිලධාරීන්ට සිදුවූ අතර නීත්‍යානුකූලව කටයුතු කරන්නේ නම් කිසිදු විරෝධතාකරුවෙකුට එරෙහිව බලය පාවිච්චි කිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවන බවයි එහි දැක්වෙන්නේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan