2022 වසරේ චීනයේ උණුසුම්ම දිනය අද

Date:

ඉදිරි පැය 24තුළ චීනයේ උෂ්ණත්වය 40C (104F) ඉක්මවනු ඇති බව චීන කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය විසින් නිවේදනය කර තිබේ.

චීනයේ රාජ්‍ය මාධ්‍ය විසින් අදින් ඇරඹෙන ඉතිරි දින 10ක පමණ කාලය තුළ උෂ්ණත්වය අධික වනු ඇති බවට අනතුරු අඟවා ඇත. ගැලැසිරයන්ගේ දියවීම හේතුවෙන් උෂ්ණත්වය අධිකවන බවත්, මේ වන විට ලෝකය පුරා ව්‍යාප්තව ඇති අධික තාප තරංගයන් චීනයට ඇතුළු වීමත්, හේතුවෙන් මෙම අසාමාන්‍ය උෂ්ණත්වය වැඩි වන්නට ඇති බව කාලගුණ විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබේ.

වෙරළබඩ සමහර නගර වලට මේ වන විටත් අධි අවධානම් තත්ව නිවේදනය කර ඇත. Zhejiang පළාතේ නිවාස හා කර්මාන්තශාලාවන්ට උෂ්ණත්වය ඉහළයාම සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර ඇති අතර ඇත.

හදිසි ආපදා කළමණාකරණ අමාත්‍යංශය මඟින් නිවේදනය කර තිබුණේ අධික උෂ්ණත්වයත් සමඟ සුළඟේ වේගය ඉහලයාම අපේක්ෂා කරන හෙයින් විදුලිය සම්බන්ධයෙන් යම් බිඳවැටීම් සිදුවිය හැකි බවත්, ඒ පිළිබඳ කල්පනාකාරීවන ලෙසත්ය. එමෙන්ම අධික උෂ්ණත්වය මෙන්ම අධික සුළඟ හේතුවෙන් ලැව්ගිනි ඇතිවීමේ අවධානමක් ඇති බවටද අනතුරු අඟවා තිබේ. මෙහිදී රජය විසින් පොදුවේ සමස්ත ජනතාව වෙත නිවේදනය කර තිබුණේ හැකිතාක් ගමන් බිමන් අවම කර ගන්නා ලෙසයි.

දේශගුණික විපර්යාසයන් හා කාබන් විමෝදනය අධික වීම නිසා මෙලෙස ඇරඹෙන තාප තරංග හේතුවෙන් මේ වන විට ආසියාව, බටහිර යුරෝපය, උතුරු අප්‍රිකාව සහ උතුරු ඇමරිකාවේ ප්‍රදේශ බොහොමයක් පිළිස්සෙමින් ඇත. මෙම තත්වය තව බොහෝ කලක් යන තෙක් දක්නට ලැබෙනු ඇති බව විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබේ.



සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුරගේ ජර්මන් සංචාරය ගැන අසත්‍ය ප්‍රකාශයක් කළැයි ගම්මන්පිලට එරෙහිව CID විමර්ශනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ජර්මනියේ සංචාරයේ නිරතව...

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...