බාල ඖෂධවල වගකීමෙන් සෞඛ්‍ය ඇමතිට විනිර්මුක්ත වෙන්න බෑ – වෛද්‍ය චමල් ලේඛන සහිතවම පෙන්වයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

බාල ඖෂධ සිද්ධියකදී දේශපාලනඥයින්ට එහි වගකීමක් නොමැති බවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පසුගිය දිනක සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

“අපි දැක්කා රජයේ මාධ්‍ය සාකච්ඡාවෙදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙ වර්තමාන සභාපතිවරයා කියනවා මෙවැනි සිදුවීම්වල වගකීම දේශපාලනඥයින්ට පැවරෙන්නෙ නැහැ කියලා. මේ ඖෂධ ලංකාවට එන්නෙ කොහෙන්ද ? ඔය ප්‍රශ්න සහගත ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ ඖෂධය සහ අනෙකුත් ඖෂධ ලංකාවට ගේන්නෙ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. මේ තියෙන්නෙ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අදාළ ඖෂධ ඇනවුම් කරපු ලිපි. මේවා ඔවුන්ගෙ වෙබ් අඩවියට ගියාම බලාගන්න පුළුවන්. එක තොගයක් ඇමරිකානු ඩොලර් 20,000කටත් තවත් තොගයක් ඇමරිකානු ඩොලර් 70,000කටත් තමයි ලංකාවට ගෙනත් තිබෙන්නෙ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ලිඋපි ශීර්ෂය යටතේ මහජන බැංකුවෙන් LC විවෘත කරලා තමයි මේ ඖෂධ ගෙන්වලා තිබෙන්නෙ. අපෙ රටේ සෞඛ්‍ය පද්ධතිය ඇතුළෙ සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සැපයුම් අංශය, ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ සංස්ථාව, ඖෂධ නිෂ්පාදන සංස්ථාව, මේ ඔක්කොම තියෙන්නෙ කාගෙ යටතෙද ? අංක 2412/08 ගැසට් පත්‍රයෙන් රටේ සෞඛ්‍ය අමාත්‍යවරයාට තමන්ගෙ රාජකාරි ලැයිස්තුව දීලා තිබෙනවා. ඒකෙ රාජකාරි 58ක් පමණ තිබෙනවා. මේ රාජකාරි ලැයිස්තුවෙ අංක 21,22,23,24,25 කොටස් තියෙන්නෙ ඖෂධ නියාමනය, සැපයුම, බෙදාහැරීම, ගුණාත්මක වශයෙන් ලබාදීම සහ නිෂ්පාදනය සම්බන්ධව. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ රාජකාරි වගකීම්. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අත් අඩංගුවට පත්වෙන්න මූලික හේතුවක් තමයි රටේ සෞඛ්‍ය අමාත්‍යවරයාට පැවරෙන කැබිනට් වගකීම් ඔහු ඉෂ්ට නොකිරීම. ඒ නිසා රටේ සෞඛ්‍ය අමාත්‍යවරයාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම්වලින් ගැලවෙන්න, විනිර්මුක්ත වෙන්න, අනනුකූල වෙන්න කිසිසේත් හැකියාවක් නෑ. අනිත් එක අපේ රටේ ඖෂධ කළමනාකරණ මාර්ගෝපදේශ සංග්‍රහය තිබෙනවා. ඒක ගත්තාම රටේ ඖෂධ නියාමනය, සැපයුම, බෙදාහැරීම සම්බන්ධ වගකීමේ ඉහළින්ම ඉන්න පුද්ගලයා තමයි රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා”

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මේ බව පැවසුවේ ඊයේ (22) කොළඹදී පැවති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...