වෙනිසියුලානු ජනාධිපති ඉල්ලා අස්වීම බුද්ධිමත් තීරණයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝට නව අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් ඔහු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වන්නේ නම් එය වඩාත් බුද්ධිමත් තීරණයක් වනු ඇති බවට ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද(23)දිනයේදී රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සමඟ සිය මාර්-ඒ-ලාගෝ නිවාඩු නිකේතනයේදී මාධ්‍යවේදීන් අමතමින් මේ බව සඳහන් කර තිබු අතර ජනධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කර තිබුණේ,මිට මාස හතරකට පෙර වෙනිසියුලාව වෙත එල්ල පීඩනයෙන් පසුව ආතතීන් තවදුරටත් උත්සන්න කිරීමට තමා සූදානම් බවයි.

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ කාටෙල් ඩි ලොස් සෝල්ස් නම් කරන ලද ත්‍රස්තවාදී සංවිධානයකට නායකත්වය දෙන බවත්, එක්සත් ජනපදයට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සපයනු ලබන බවට චෝදනා කරන එක්සත් ජනපද ජනාධිපතිවරයා මේවන විට වෙනිසියුලාවට ඇතුළු වන සහ ඉන් පිටතට යන සියලුම තෙල් නවුකා අවහිර කරමින් ජනාධිපති නියෝගයක් නිකුත්කර තෙල් නවුකා තුනක් එක්සත් ජනපද බාරයට ගෙන ඇත.

ස්වභාවික තෙල් සංචිත වලින් පොහොසත් වෙනිසියුලාව සිය සම්පත් කොල්ලකන බවට එක්සත් ජනපදයට චෝදනා කර ඇති අතර එක්සත් ජනපදය කැරිබියන් මුහුදේ සිය හමුදා බලය තහවුරු කරගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...