මාලිමා මන්ත්‍රී ශාන්ත සම්බන්ධ සිද්ධියේ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් !

Date:

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා විසින් තමන්ට පහරදුන් බව පවසමින් රෝහල්ගතව සිටි පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබේ.

මන්ත්‍රීවරයා තමන්ට පහරදුන් බව පවසමින් මෙම කොස්තාපල්වරයා පසුගිය දිනක රෝහල්ගතව තිබූ අතර පසුව මන්ත්‍රීවරයා ද පොලීසියට පැමිණිලි කර තිබුණේ මෙම කොස්තාපල්වරයා තමන් ගමන් කළ කැබ් රථය අයුතු ලෙස අවහිර කර සාපරාධී බියගැන්වීමක් සිදුකළ බවටයි. ඒ අනුව කොස්තාපල්වරයාව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබිණි.

මේ සම්බන්ධ විමර්ශනය අවසන් වනතුරු කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවා ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි උඩුනුවර...

මම දැක්කා විපක්ෂය මේ දවස්වල එන්නතක් අල්ලන් කෙඳිරි ගානවා. ඕවා විකාර කතා – මාලිමා මන්ත්‍රී උපුල්

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රමිතියෙන් බාල එන්නතක් සම්බන්ධයෙන් විපක්ෂය ආණ්ඩුවට...

බංග්ලාදේශයේ හින්දු ජාතිකයකු පුළුස්සා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නවදිල්ලිය පුරා විරෝධතා

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 24: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: බංග්ලාදේශයේ මයිමෙන්සිං...

වැසි තත්වයේ වෙනසක් – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 24) දිනයේදී මධ්‍යම, ඌව...