බංග්ලාදේශයේ හින්දු ජාතිකයකු පුළුස්සා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නවදිල්ලිය පුරා විරෝධතා

සටහන: සශිකලා මධුෂාණි

දෙසැම්බර් 24: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: බංග්ලාදේශයේ මයිමෙන්සිං දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා සේවකයෙකු වන 27 හැවිරිදි දීපු චන්ද්‍ර දාස්, නබිතුමා පිළිබඳව අපහාසාත්මක ප්‍රකාශ කළ බවට චෝදනා කළ පිරිසක් විසින් පසුගිය සතියේ පහර දී පුළුස්සා මරා දැමීමට එරෙහිව ඊයේ(23)දිනයේ දී නවදිල්ලියේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය අසල සිය ගණනක් ජනයා විරෝධතා දක්වා තිබේ.

මිට අමතරව ජම්මු සහ කාශ්මීර ප්‍රදේශය ඇතුළුව රටේ අනෙකුත් ප්‍රදේශවල ද විරෝධතා පවත්වා ඇති අතර දීපු චන්ද්‍ර දාස්ගේ මරණය සම්බන්ධයෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මේවන විට අත්අඩංගුවට ගෙන ඇත.

හින්දු බහුතරයක් වෙසෙන ඉන්දියාව සහ එහි මුස්ලිම් බහුතරයක් වෙසෙන අසල්වැසියා අතර ආතතීන් උග්‍ර කර ඇති අතර මේවන විට දෙරට අතර වීසා සේවා අත්හිටුවා ඇත.

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා පසුගිය වසරේ ඇයට එරෙහි මාරාන්තික විරෝධතාවලින් පසු නවදිල්ලියට පලා ගිය දා සිට දෙරට අතර සබඳතා පළුදු වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...