සටහන – රුවන් නෙළුගොල්ල
අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේදී ඊයේ (24) පස්වරුවේ වැරදීමකින් ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ.
මෙම කොස්තාපල්වරයා රාජකාරියට වාර්තා කිරීමෙන් පසුව සිය ගිනිඅවිය පරීක්ෂා කරමින් සිටියදී හදිසියේම ගිනිඅවිය ක්‍රියාත්මක වී ඇත.
එහිදී ඔහුගේම එක් කකුලකට වෙඩි වැදී ඇති අතර පොලීසියේ මෝටර් රථයකින්ම ඔහුව ප්‍රතිකාර සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
කෙසේවෙතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව සඳහන්.


