දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW :


මාතර – බෙලිඅත්ත මාර්ගයේ හදපාන්ගොඩැල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 31 දෙනෙකු තුවාල ලබා තිබේ.

මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී එම අනතුර සිදුව ඇති බව, පොලීසිය පැවසුවේය.

අනතුරෙන් තුවාල ලැබූවන් දික්වැල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

මේ අතර අක්කරෙයිපත්තු සිට ත්‍රිකුණාමලය බලා ගමන් ගත් සුඛෝභෝගී මගී බස් රථයක් සෝමාවතී පාර ටී හන්දියේදී පෙරළී යාමෙන් මගීන් දොළොස් දෙනෙකු තුවාල ලබා තිබෙන අතර, සේරුනුවර පොලිසිය පැවසුවේ අක්කරෙයිපත්තු සිට අද අළුයම පිටත් වූ එම බස්රථයේ මගීන් 27 දෙනෙකු ගමන් ගෙන ඇති බවයි.

සෝමාවතී පාර ටී හන්දියේදී අනතුරක් වළක්වා ගැනීම සඳහා තිරිංග තද කිරීමේදී බසය ලිස්සා ගොස් පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇත.

තුවාල ලැබූ මගීන් සේරුනුවර ප්‍රාදේශීය රෝහලට සහ මූතූර් මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථ රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර හැටන් සිට පුත්තලම දක්වා ධාවනය වූ ලොරි රථයක් ගිනිගත්හේන කඩවල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 40ක පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් ඇති බව ගිනිගත්හේන පොලිසිය පැව

එම අනතුරින් ලොරි රථයේ ගමන් ගත් රියදුරාට සහ රිය සහයකයාට කිසිදු අනතුරක් සිදුව නැහැ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...