මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ හා වරප්‍රසාද මුදල් කප්පාදුකර සහන වඩපිළිවෙලට යොදන්න – මන්ත්‍රී රවීගෙන් යෝජනාවක්!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන් කර ඇති රක්ෂණාවරණ ඉවත් කර එම මුදල් සහන අරමුදලකට බැර කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

රටේ පවතින ආර්ථික සහ ව්‍යසන තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා මහජන නියෝජිතයන් සහ ඉහළ රාජ්‍ය ආයතන දැඩි කැපකිරීම් කළ යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

රවී කරුණානායක මහතා පවසන්නේ රට ගොඩනැගීමේ කාර්යය දේශපාලනඥයන්ගෙන්ම ආරම්භ කළ යුතු බවයි.

රටේ වත්මන් තත්ත්වය හමුවේ තමන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන බවත් මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන් කර ඇති රක්ෂණාවරණ ඉවත් කර එම මුදල් සහන අරමුදලකට බැර කළ යුතු බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

එමෙන්ම, දේශපාලනඥයන් සඳහා ඩබල් කැබ් රථ ගෙන්වීමට වෙන් කරන මුදල් ද මේ මොහොතේ රට ගොඩනැගීමේ අරමුදලට යොමු කළ යුතු බව ඔහු කියාසිටියි.

“ශ්‍රී ලංකන් ගුවන් සේවය වැනි පාඩු ලබන ආයතනවල නිලධාරීන්ට ගෙවන බෝනස් දීමනා වහාම නතර කළ යුතුයි. ඒ මුදල් මේ වෙලාවේ පීඩාවට පත්ව සිටින සාමාන්‍ය ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් යොමු කිරීම රජයේ වගකීමක්.” ලෙස කරුණානායක මහතා තවදුරටත් සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපාන කැබිනට් මණ්ඩලය 2026 වර්ෂය සඳහා වාර්තාගත ආරක්ෂක අයවැයක් අනුමත කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: චීනය සමඟ...

සුව ඇමති හමු වූ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි Trinh Thi Tam!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW: සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

චනිත්මාගේ ගැටළුවේදී පරංගියාගේ පාරෙන් කෝට්ටේ යන අධ්‍යාපන බලධාරීන්ට හරි පාර

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: මේ මොහොතේ සමාජ මාධ්‍ය...

සිය පළමු දේශනය සිදු කරමින් ලියෝ පාප් වහන්සේ ඉල්ලූ දේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශාන්ත පීතර චතුරශ්‍රයේ...