නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගේ පුද්ගලික ආරක්ෂක නිලධාරී ජී. ඩබ්. ජයවර්ධන ඇප මත මුදාහැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
ඒ, එම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (27) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.
ඒ අනුව ඔහුව රුපියල් ලක්ෂයක ඇපයක් මත මුදාහැරීමට කඩුවෙල අතිරේක මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කර ඇත.


