HI සුසන්ත

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 28, කොළඹ LNW:

දුරකථනය නාද වුව ද අනෙක් අන්තයෙන් ප්‍රතිචාරයක් නැත.දෙවරක් පමණ නාද වූ පසුව අනෙක් අන්තයෙන් සබඳතාවය සිඳු වෙයි.


“අනේ මචං මම මේ දුවන ගමන් ඉන්නෙ.හරියට නිවාඩු දාගෙන ගියෙ නැත්නම් මචං නෝ පේ නෙ.කරගෙනහ අනුමත කරගෙනම යන්න ඕනි මචං.අර හම්බවෙන ඩොලර් ගාණට ලියුම අනුමත කරගෙන,අරං යන්න ඕනි.නැත්නම් ඉතිං කොහෙන්ද අතට සල්ලි?,අනික මචං හවස කොහොම හරි ග්‍රවුන්ඩ් එකට යන්න ඕනි.ළමයින්ට ට්‍රේනිංනෙ“
එක දිගට කියාගෙන යන කතාව අතර මැද නවත්වා මම පෙරට පනිමි.


“දැන් ඉතිං හදිසියේ දුවන්නෙ කොහෙද?
මගේ පැනයට පිළිතුරු ලෙස ඔහුගෙන් කළාප කාර්යාලයේ,පළාත් කාර්යාලයේ සිට ඉසුරුපායේ යන කුමන තැනක් ගැන කියවෙයි.
ඔහු දුවමින් වේගයෙන් කතා කරන්නේ ඔහු පුහුණුකර අයෙකු දුවන වේගයෙන්ම මෙන් දුවමින් බව දුරකතන ඔහුගේ මුවෙන් කතා කරන විට ඈත් මෑත් වන අයුරෙන් මට දැනේ.මේ දුවමින් කතා කරන මනුස්සයාගේ ඔයාකාර දිවිල්ල අද නවතින්නේය.ආයෙ නිවාඩු අනුමත කර ගන්නට හෝ ඩොලර් දීමනාව ලබා ගැනීමේ ලියවිලි සම්පූර්ණ කර ගන්නට ඉහත කී තැන්වල දුවන්නට අවශ්‍යය වන්නේ නැත.එකම අවුල මීට පසුව ඔහුගේ හැකියාවට ලැබෙන සංචාරයකදී අර ඩොලර් දීමනාව නොලැබී යාම පමණය.
එහෙත් මේ තරුණයාට අපි අද BYE කියන්නේ නැත.අපි කියන්නේ HI කියාය.හේතුව අද ඔහු අර ලියවිලි,චක්‍රලේඛ,ආයතන සංග්‍රහය,මුදල් රෙගුලාසිවලට ජීවිතයේ ගනු ලබන හැම තීරණයකදීම වගකීමේ කාර්යයෙන් මිදෙන්නේය.ඔහු රටට වටිනා කියන පුද්ගලයෙක් කළ පුහුණුකරු වෘත්තිය පමණක් ඔහුට වෙනත් බැදීම්වලින් තොරව කරන්න සහ ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඉතුරුවෙන ඉඩට අපි ඔහුව HI කියා පිළිගන්නෙමු.


මේ ආකාරයට පිළිගනු ලබන පුද්ගලයා සුසන්ත ප්‍රනාන්දු ය.මැත කාලීන මතක අතරෙන් ගත් විට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැරිස් ඔලිම්පික් උළෙලට ගිය තරුශි කරුණාරත්නගේ පුහුණුකරුය.නැතිනම් ආසියානු ක්‍රීඩා උළෙලේදී සහ ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේදී ලක්මව රනින් සැරසූ තරුශි කරුණාරත්නගේ පුහුණුකරුය.
තරුශි ළගට ඔහු එන ගමන දුර එකකි.ශ්‍රී ලංකාවට කාන්තා මැරතන් ඉසව්වකදී දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක පළමු වරට පදක්කමක් දිනා දෙන්නේ ඩි.ඒ.ඉනෝකා ය.ඇයගේ පුහුණුකරු වන්නේ ද මේ සුසන්තය.එතැන් සිට මනෝජ් පුෂ්පකුමාර,මොහොමඩ් සිෆ්රාත්,ගීතානි රාජසේකර,ඩිල්ෂි කුමාරසිංහ,ජානක වීරසිංහ,ඉඳුනිල් හේරත් සිට මැත කාලයේ හර්ෂ කරුණාරත්න දක්වා වෙන ජාත්‍යන්තර පදක්කම් සටහන්වල වලලමය අනන්‍යතාවය ගොඩ නැන් වූ පුද්ගලයා සුසන්ත ප්‍රනාන්දු ය.මේ නම් අතළොස්ස මතක ගොන්නෙන් ටිකකි.නම් පෙළට මඟ නොහැර ලියාගෙන ගියොත්,මුළු ලිපියම පිටු ගණනක නම් ලැයිස්තුවකි.ඒ නිසා මතක ආවර්ජනය කරමින් වලල මලල මතක ගැන සිහිපත් කරන්නට අපි ඔබට කියන්නෙමු.ඒ හැම මතකයක්ම උපදින්නේ සුසන්ත ප්‍රනාන්දුගේ විධාන සහ විනය මත ගොඩ නැඟණ පුහුණුවෙනි.ඒ පුහුණුව කරන අතර තුර අනේක රජයෙන් සිය වෘත්තියටම අදාළවත්,රජයේ සේවකයෙකුට පොදුවේ අදාළ වන පරිදිත් පනවා ඇති බැරියර නොබිඳ සිටින්නටත්,ඒවා නිසි පරිදි තරණය කර යාමටත් සිඳු වූ ගමණේ පුහුණුකාරීත්වය ඉතිරි වී බැරියර ඉවත් වන දවසේ අපි ඔහුට ඒ අලුත් මාවතට ආශිර්වාද කරමු.ජය පතමු!
තවත් එක දෙයක් ඇත.මෙහි ඡායාරූපයට සුසන්ත පමණක් මදිය.සුසන්ත සමඟ පුවත්පත්වල පළ වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනක ඡායාරූප ද නුසුදුසුය.මේ සියල්ලක් පසුපස අනන්ත දරා ගැනීම් කරගෙන සුසන්තව ඉවසූ රංජනීමය ආදරය සහ ආශිර්වාදය ද කිසි දිනෙක රට දැක නැති නිසා ඒ ආදරය සමග ජිවිතය එකතු වුණ මොහොතක් මෙහි ඡායාරූපය විය යුතු බව අපි තීරණය කළෙමු!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 වර්ෂය අදාළව රජයේ නිවාඩු 26ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : 2026 වර්ෂය අදාළව...

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : නගරාධිපති රන්ජන් පොලීසියට නොඑයි, අසනීපයි කියා රෝහල්ගත වෙයි

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ...

ඉබි ගමනින් වැඩ කරන රජයට විපක්ෂ නායක සජිත්ගෙන් කඩිනම් යෝජනා රැසක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල සුනාමි ව්‍යවසනය සිදුවී වසර 21ක් සපිරෙන...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 28) දිනයේදී උතුරු, උතුරු-මැද,...