නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : නගරාධිපති රන්ජන් පොලීසියට නොඑයි, අසනීපයි කියා රෝහල්ගත වෙයි

Date:

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල දෙවැනි වරට ඊයේ (27) දිනයේදී කඩුවෙල පොලීසිය හමුවේ විභාගය සඳහා කැඳවා තිබිණි.

පැමිණිලිකාර නීතීඥ නේත්‍රපාණී ඩයස් ඇතුළු නීතීඥ පිරිසක් ඒ සඳහා පොලිස් ස්ථානයට පැමිණි සිටි නමුත් කඩුවෙල නගරාධිපතිවරයා දෙවැනි දිනයේදී ද එහි පැමිණ සිටියේ නැත.

තමන් අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ඔහු ලිපියක් මගින් පොලිස් ස්ථානයට දැනුම් දී තිබිණි.

සිද්ධිය සමථ මණ්ඩලයට යොමුකිරීමට කඩුවෙල පොලීසිය යෝජනා කර තිබුණ ද පැමිණිලිකාර පාර්ශ්වය ඊට විරෝධය පළකර ඇති බව සඳහන්.

මේ අතර මෙම සිද්ධියටම අදාළව චෝදනා එල්ල වී සිටින ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට නීතීඥයකු මාර්ගයෙන් ඉදිරිපත්ව සිටි අතර ඔහුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට අධිකරණය නියම කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 වර්ෂය අදාළව රජයේ නිවාඩු 26ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : 2026 වර්ෂය අදාළව...

HI සුසන්ත

නිශ්මං රණසිංහ දෙසැම්බර් 28, කොළඹ LNW: දුරකථනය නාද වුව ද...

ඉබි ගමනින් වැඩ කරන රජයට විපක්ෂ නායක සජිත්ගෙන් කඩිනම් යෝජනා රැසක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල සුනාමි ව්‍යවසනය සිදුවී වසර 21ක් සපිරෙන...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 28) දිනයේදී උතුරු, උතුරු-මැද,...