2026 වර්ෂය අදාළව රජයේ නිවාඩු 26ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW :

2026 වර්ෂය අදාළව රජයේ නිවාඩු 26ක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව එම නිවාඩු දිනය්න් පහත පරිදි වේ.

ජනවාරි 03 සෙනසුරාදා – දුරුතු පුර පසළොස්වක පෝය දිනය
ජනවාරි 15 බ්‍රහස්පතින්දා – දෙමළ තෛපොංගල් දිනය
පෙබරවාරි 01 ඉරිදා – නවම් පුර පසළොස්වක පෝය දිනය
පෙබරවාරි 04 බදාදා –  නිදහස් සමරු දිනය
පෙබරවාරි 15 ඉරිදා – මහ සිවරාත්‍රි දිනය
මාර්තු 02 සඳුදා – මැදින් පුර පසළොස්වක පෝය දිනය
මාර්තු 21 සෙනසුරාදා – ඊදුල් ෆීතර් (රාමසාන් දිනය)
අප්‍රේල්  01 බදාදා  – බක් පුර පසළොස්වක පොහොය දිනය
අප්‍රේල්  03 සිකුරාදා  – මහ සිකුරාදා දිනය
අප්‍රේල්  13 සඳුදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය
අප්‍රේල්  14 අඟහරුවාදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය
මැයි 01 සිකුරාදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනය
මැයි 01 සිකුරාදා – ලෝක කම්කරු දිනය
මැයි 02 සෙනසුරාදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය
මැයි 28 බ්‍රහස්පතින්දා – ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය)
මැයි 30 සෙනසුරාදා – අධි පොසොන් පුර පසළොස්වක පෝය දිනය
ජුනි 29 සඳුදා – පොසොන් පුර පසළොස්වක පෝය දිනය
ජූලි 29 බදාදා – ඇසළ පුර පසළොස්වක පෝය දිනය
අගෝස්තු 26 බදාදා – (මිලා-දුන්-නබි) නබි නායකතුමාගේ උපන් දිනය
අගෝස්තු 27 බ්‍රහස්පතින්දා – නිකිණි පුර පසළොස්වක පෝය දිනය
සැප්තැම්බර් 26  සෙනසුරාද –  බිනර පුර පසළොස්වක පෝය දිනය
ඔක්තෝබර් 25 ඉරිදා –  වප් පුර පසළොස්වක පෝය දිනය
නොවැම්බර් 08 ඉරිදා –  දීපවාලි උත්සව දිනය
නොවැම්බර් 24 අඟහරුවාදා – ඉල් පුර පසළොස්වක පෝය දිනය
දෙසැම්බර් 23 බදාදා – උඳුවප් පුර පසළොස්වක පෝය දිනය
දෙසැම්බර් 25 සිකුරාදා – නත්තල් උත්සව දිනය

ඉහත සඳහන් රජයේ නිවාඩු තැපැල්, රේගු හා කාලගුණවිද්‍යා යන දෙපාර්තමේන්තුවලට ද ලැබේ.

රජයේ නිවාඩු දිනයන් පිළිබඳ වෙනස්වීම් ගැසට් නිවේදනයක මාර්ගයෙන් ප්‍රසිද්ධ කරනු ඇතැයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පැවසූ අතර, පුර පසළොස්වක පෝය නිවාඩු දින පෝය කමිටුව මගින් අනුමත කර ඇති බව සඳහන් වේ.