මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW:

පසුගියදා පවුලේ වෛද්‍යවරයා කේන්ද්‍ර කරගනිමින් මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇති අතර ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙහිදී ප්‍රාථමික සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා සෑම පුරවැසියෙකුටම ඉලෙක්ට්‍රොනික සෞඛ්‍ය වාර්තාවක් ලබාදීම, සෞඛ්‍ය සේවා ඩිජිටල් කිරීම, සම්පූර්ණ කාලීන පවුල් වෛද්‍ය ක්‍රමය ව්‍යාප්ත කිරීම සහ පශ්චාත් උපාධි පුහුණු වැඩසටහන් හරහා වෛද්‍යවරුන් පුහුණු කිරීම යන යෝජනා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කෙරිණි.

පවුලේ වෛද්‍යවරයා රෝගවලට එරෙහි පළමු ආරක්ෂක රේඛාව බව සඳහන් කළ අමාත්‍යවරයා, ශක්තිමත් ප්‍රාථමික සත්කාර සේවා තුළින් සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් ගොඩනැගිය හැකි බවද අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිකිරීම් අවසන් අදියරේ පසුවන ස්ප්‍රින්ංවැලි Bailey Bridge!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : දිට්වා සුළිකුණාටුවෙන්...

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්!

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති...

හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අද (28) දින මහජන...

91 පසු කරන රැජිනියන්ට මේක එතරම් හොඳ කාලයක් නම් නෙවෙයි!

සටහන – පුලී දෙසැම්බර් 28, කොළඹ (LNW):  අනූඑක් වන වියට...