මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW:

පසුගියදා පවුලේ වෛද්‍යවරයා කේන්ද්‍ර කරගනිමින් මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇති අතර ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙහිදී ප්‍රාථමික සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා සෑම පුරවැසියෙකුටම ඉලෙක්ට්‍රොනික සෞඛ්‍ය වාර්තාවක් ලබාදීම, සෞඛ්‍ය සේවා ඩිජිටල් කිරීම, සම්පූර්ණ කාලීන පවුල් වෛද්‍ය ක්‍රමය ව්‍යාප්ත කිරීම සහ පශ්චාත් උපාධි පුහුණු වැඩසටහන් හරහා වෛද්‍යවරුන් පුහුණු කිරීම යන යෝජනා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කෙරිණි.

පවුලේ වෛද්‍යවරයා රෝගවලට එරෙහි පළමු ආරක්ෂක රේඛාව බව සඳහන් කළ අමාත්‍යවරයා, ශක්තිමත් ප්‍රාථමික සත්කාර සේවා තුළින් සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් ගොඩනැගිය හැකි බවද අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...