හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා රිමාන්ඩ්

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා 2026 ජනවාරි 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (28) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව ඩග්ලස් දේවානන්දාව අත් අඩංගුවට ගනු ලැබුවේ 2025 දෙසැම්බර් 26 වනදා ය.

මේ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ ගිනිඅවිය අස්ථානගත වූ ආකාරය ප්‍රකාශ කිරීමට අපොහොසත් වීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය විසින් ඔහුව අත් අඩංගුවට ගෙන තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...