රනිල් ලඟදීම චීනයට !

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුදුරේදීම චීනයේ නිළ සංචාරයක නිරත වනු ඇති බව වාර්තා වේ. චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතා රොයිටර් පුවත් සේවය සමග පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව ඉඟි පළකර තිබෙනවා.

වෙළඳ ආයෝජන හා සංචාරක ඇතුළු ක්ෂේත්‍රවලින් අඛණ්ඩව සහයෝගය ලබා දෙන්නැයි තානාපතිවරයා චීන රජයෙන් ඉල්ලා ඇති අතර තේ, කුළුබඩු, ඇඟළුම්, මැණික් ඇතුළු නිෂ්පාදන මිලදී ගැනීම සඳහා චීන සමාගම් දිරිමත් කරන ලෙසද ඔහු ඉල්ලා තිබෙනවා.

පැවති සෑම රාජපක්ෂ පාලන සමයකදීම ශ්‍රී ලංකාව දැඩි චීන හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේද එය නොවෙනස් වනු ඇති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙකු සහ නව අභියාචනාධිකරණ සභාපති දිවුරුම් දෙයි!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : ජනාධිපති කාර්යාලයේදී...

වාහන ආනයනයේදී දින තුනකට මිලියන 257ක පාඩුවක්?

කොළඹ LNW: වාහන ආයනය සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරටට...

නවකවධයේ අතුරු ප්‍රථිඵල!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු...

කෙහෙළිය සහ බිරිඳ එළියට එද්දී දියණියන් දෙදෙනා සහ බෑනා අත්අඩංගුවට!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණ චෝදනා මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ...