පිතිකරු නාමාවලිය වෙනස් කිරීම පරාජයට හේතු වූවා ද? හසිනි සහ දුලානිගෙන් ඉන්දියාවට රිඳෙන ඉණිම්

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW:

ඉන්දියාව සමඟ පැවති විස්සයි විස්ස තරගාවලියේ තරග පහෙන්ම ශ්‍රී ලංකාවට පරාජය අත් විය.5-0 ක් ලෙස ඉන්දියාව ජය ගත්තත් සිව්වන සහ පස්වන තරග දෙකේදී රෙට අතර ක්‍රිකට් හැකියාවන්වලට වඩා ඇත්තේ ආකල්පය වශයෙන් ඇති කර ගන්නා ලද දුප්පත් – පොහොසත් බේදයක් බව දැණින.වමත් සහ දකුණත් සුසංයෝගයක් පිටියේ රඳවා තැබීමෙන් විශාල වාසියක් අත්වෙනු ඇතැයි යන විශ්වාසය රුමේෂ් රත්නායක තුළ හෝ චමරි තුළ තිබුණා ද,නැතිනම් දෙදෙනාම විශ්වාස කළා ද යන්න පැහැදිළි නැත.ඒ නිසා හර්ෂිතා සමරවික්‍රම වැනි මෑත කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වසනීයම පිතිකාරිණිය බවට පත් වී ඇති ක්‍රීඩිකාව ඉණිමක් සැළසුම් කරමින් ගොඩ නැඟිය හැකි මොහොත පසුකර පිටියට එවා අනවශ්‍යය පිඩනයකට ලක් නොකරන්නට,ශ්‍රී ලංකාව වෙනුවෙන් මිල කළ නොහැකි ඉණිම දෙකක් ගොඬ නැඟූ ඉමේෂා දුලානි සහ හසිනි පෙරේරා අතරට හර්ෂිතාගේ සැළසුම් සහගත ඉණිමක් ද එකතු වන්නට තිබිණ.


සිව්වන තරගය ලකුණු 30 න් පරාජය වූ ශ්‍රී ලංකාව පස්වන තරගයේදී පරාජයේ පරතරය ලකුණු 15 ක් පමණක් බවට පෙරළා ගත්තේය.තරගය අතර මැද ගත් තීරණවල වාසියේ බර වැටුණේ ඉන්දියාවට නොවිණිනම් ශ්‍රී ලංකාව පන්දු රැකීමේදී ගත් තීරණවලින් ඇත්ත බලපෑමක් ඇති වුණේනම් ලකුණු පූවරුව 175 දක්වා නොයවා නවත්තා ගන්නට තිබිණ.පළපුරුදුම සහ අත්දැකීම් බහුලම ඉන්දීය ක්‍රිඩිකාව ලෙස නායිකා හර්මන්ප්‍රීට් කෝර් ඉන්දීය ඉණිම බිඳ වැටෙද්දී කළ සටන්කාමී ඉණිම ඇයට හිමි වූ තරගයේ විරවරියට එහා සම්මානයක් ඇත්නම් එය ද දිය යුතු තත්ත්වයක තිබිණ.කඩුලු ඉක්මණින් බිඳ වැටීමෙන් ඇති වන තත්ත්වය තුළ ආක්‍රමණික අදහසක් පිළබිඹු වන අයුරෙන් පිත්ත හසුරුවමින් පන්දු 43 ක් ලෙස හර්මන්ප්‍රීට් රැස් කළ ලකුණු 63 ඉන්දීය ලකුණු පූවරුව කඩුලු 7 ට 175 දක්වා වැඩි කර ගන්නට හේතු විය.


අවසාන මොහොතේදී මල්කි මධාරා ඉදිරියේ 20 වන ඕවරයේ දී අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ අරුන්දතී රෙඩ්ඩි විසින් එකතු කළ ලකුණු 20 න් අඩකට හෝ ඇයව පාලනය කර ගන්නට ලැබුණා නම් මේ තරගයේ තීරණය වෙනස් විය හැකිව තිබිණ.පන්දු යවන්නන් පාලනය කිරීමේදී චමරි සහ කවීශා ඉන්දීය කණ්ඩායමට තර්ජනයක් ඇති කළ ද,ඔවුන් දෙදෙනා පිළිවෙලින් පන්දු ඕවර් 3 ක් සහ 2 ක් යවා නැවතීමට හේතුව ද පැහැදිළි නැත.


ලකුණු 77 ට කඩුලු 5 ක් බිඳ වැටී සිටියදී යවමින් සිටියේ 11 වන පන්දු ඕවරයය.එම ඕවරයේ සිට හර්මන්ප්‍රීට් සහ අමන්ජෝට් කොවුර් ලකුණු වේගය ඉහළ දමමින් හයවන කඩුල්ලට ලකුණු 61 ක් රැස් කරන්නට සමත් විය.ඒ පන්දු 37 ක් තුළ ය.රශ්මිකා සෙව්වන්දි කඩුලු 2 ක් දවා ගත්ත ද ඇය විසින් යවන ලද වයිඩ් පන්දු 6 නිසා අමතර ඕවරයක් ඉන්දියානුවන්ට ලකුණු ලබා ගැනීම සඳහා හිමි විය.ඒ සමඟ ඇයගෙන් ඉන්දියානුවන්ට ලකුණු 42 ක් ද හිමි විය.කවීශා පන්දු ඕවර් දෙකකදී ලකුණු 11 ට කඩුලු 2ක් සහ චමරි පන්දු ඕවර් 3 දී ලකුණු 21 ට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් විය.ඉනෝකා රණවීර විස්සයි විස්ස ආකෘතිය තුළ මෙවර සාර්ථකත්වයක් පෙන්වීමට අපොහොසත් වීම කියා පෑවේ 39 හැවිරිදි ඇයට ආදේශකයක් තනා ගැනීම පමා නොකළ යුතු බවය.


කෙසේ වුව ද තරගාවලියේ පරාජය 5-0 ක් ලෙස සිඳුවෙද්දී කණ්ඩායමට ගෙනා නව මුහුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සැනසුම් සහගත බලාපොරොත්තු ඇති කර ගන්නට හැකියාව ලැබිණ.ඒ අතරින් ඉදිරියෙන්ම සිටින්නී ඉමේෂා දුලානිය.තරග 3 ක ට පමණක් සහභාගි වූ ඇය ඊට පෙර සහභාගි වී සිටියේ තරග තුනකට පමණි.තරගාවලිය නිමා කරද්දී ඇය සිය පළමු විස්සයි විස්ස අර්ධ ශතකය ද එකතු කර ගනිමින් ප්‍රබල ඉන්දීය කණ්ඩායමට සැළකිය යුතු තර්ජනයක් ඇති කළාය.එසේම රශ්මිකා සෙව්වන්දි ඉතා හොඳින් සකස් කර ගත හැකි තුන් ඉරියව් ක්‍රීඩිකාවක් බව ට ඉඟි පළ කළාය.අමන්ජොට් පන්නයේ ශ්‍රී ලංකාවේ නියෝජනය ඇය විය හැකිය.නිත්‍ය කඩුලු රකින්නිය ලෙස තරගාවලියට එක් වූ කව්ශානි නෘත්‍යාංගනී ද පිතිකාරිණියක ලෙස ඇයට ලැබෙන ඉඩ ඇතුළේ කණ්ඩායමට අවශ්‍යය සහය හොඳින් ලබා දෙමින් කඩුල්ල පිටුපස භූමිකාවද ඇගයීම් ලැබෙන තරමින් ඉටු කරන්නට සමත් වූවාය.ශෂීනි ගිම්හානි ද දිගු පහරවල් සඳහා ද හැකියාව ඇති ක්‍රීඩිකාවක් වන අතර ඇයගේ අමුතු ඉරියව්වට යවන පන්දුවල විවිධත්වයද එකතු වන්නේනම් ඇය ද වැදගත් භූමිකාවක් එළැඹෙන ලෝක කුසලානය තුළ දී හෝ ඉටු කරනු නිසැකය.
ඒ සමඟම රනිත්මා නානායක්කාර සහ අවුරුදු 19 න් පහළ තවත් ක්‍රීඩිකාවන් ගණනක් ද පෙළ ගැසී දෙවන පෙළ ලෙස බලාපොරොත්තු ඇති කර ගත හැකි මට්ටමෙන් සිටීම ද දායාදයක් වන අතර පරාජය වුව ද අලුත් පරම්පරාවට මේ තරගාවලිය තුළ ලැබුණු ඉඩ ඔවුන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ධන ලකුණක් ලෙස සටහන් කරන්නට සමත් විය.
ඇතැම් ෆේස්බුක් හිමිකරුවන්ගේ සටහන්වල මේ තරගාවලියේ පළමු තරගයේ කණ්ඩායම මුහුණ දුන් පීඩාව ඉදිරියේ සෙමින් වුව පරාජය විමට හෝ සුදුසු ලකුණු පූවරුවක් සකසා ගැනීම වෙනුවෙන් වැඩි පන්දු ගණනකින් ලකුණු ලැබූ හසිනි පෙරේරා තරගාවලිය නිමා කළේ දෙපිළේ පිතිකාරිණියන් අතර තරගාවලියේ ක්‍රීඩිකාව ලෙස ඇගයීම් ලද ෂෆාලි වර්මාට පමණක් පිටුපසින් සිටිමින්ය.රැල්ලට ගසාගෙන යමින් සමාජය තුළ වැරදි මත ගොඩ නඟන පිරිසකගේ ගොඳුරු නොවන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් සමාජ මාධ්‍ය ජාල ඉවත් කර තැබීම හෝ ඒවාට මුහුණ දීමට හැකි ශක්තිය ස අවබෝධය ලබා දීම ද වැදගත් වනු ඇත.කෙසේ නමුත් හසිනි සම්බන්ධයෙන් අපට ඇති විවේචනයනම් ඇයගේ ධාවන වේගයය.මේ තත්ත්වය වෙනස් වූවේනම් ඊයේ දිනයේදී තවත් කෙටි ලකුණු විශාල ප්‍රමාණයක් එකතු වන්නට තිබිණ.ඒ ගැන කණ්ඩායම් පරිපාලනය අවධානය යොමු කළ යුතුය.


කෙසේ නමුත් ඉතාම ගේරවණීය තැනකට කණ්ඩායම රැඟෙන එමින් සුවිශාල සේවයක් කළ රුමේෂ් රත්නායක මේ වන විට පුහුණුකාර ධූරයෙන් තරමක් ඉහළ සැළසුමක් මෙහෙයවීම කෙරෙහි රඳවා තබා ගැනීම වැදගත් විය හැකිය.කාලයකදී තාලය වෙනස් වී බල්ලා විසින් නඟුට වනවන කාර්යය නඟුට විසින් බල්ලා වනවන තැනකට වැටෙන විට එය නොගැලපෙන තත්ත්වයක් සහ වැරදි ප්‍රතිපලයක් දක්වා වෙනස් විය හැකිය.අවස්ථා කිහිපයකදීම දුටු අසාර්ථක වූ ඇති කර ගන්නට උත්සාහ කළ වම දකුණ සුසංයෝගය තුළ කණ්ඩායම තුළ වැදගත්ම පිතිකරණය බවට මතු වෙමින් සිටින හර්ෂිතාම ඉලක්ක වීම ගැන කල්පනාකාරී විය යුතුය.නැතිනම් කණ්ඩායමෙන් ඉවතට තල්ල කරන්නට හැකි ලෙස ඇයව ප්‍රතික්ෂේප වීමේ අවධානමක්ද මතු විය හැකිය.


පරාජය එන්න එන්න ගෞරවණිය කර ගත් සිව්වන සහ පස්වන තරගයෙන් පසුව 5-0 ක් ලෙස නිමා වූ තරගාවලියේ ස්වභාවයන් ගැන කම්පා වෙන අතරේ දුටු ධනාත්මක දේ රැක ගැනීම මෙන්ම කළ සෘණාත්මක මෙහෙයවිම්වලට බල පෑ ආකල්ප ද කල්පනාවට ගන්නේනම් මීට වඩා යහපත් ප්‍රතිපලයක් මඟ හැරීම ගැන අදහසක් ඇති කර ගන්නට හැකියාව ඇත.මේ සමඟ දක්වා ඇත්තේ පරාජිත පස්වන තරගයේ ලකුණු සටහනට පිවිසෙන්නට හැකි මඟය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීමට වෙන් කළ මුදල් ගැන නව තීරණයක්!

කොළඹ LNW:ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීමට...

ගාල්ල මහ නගර සභාවේ ගාලගෝට්ටියක්. 05ක් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා...

කොළඹ අයවැය: පාන් ගෙඩියට අයිසින් ගාලා පාන් කවන්න බැහැ. අදත් පරද්දනවා – ඒකාබද්ධ විපක්ෂය

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අද (31) දිනයේදීත් කොළඹ මහ නගර...

එළැඹෙන වෙසක් පොහෝ දිනයෙහි වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW: මෙවර වෙසක් පුර පසලොස්වක...