නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW:
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ් සූරතාවලිය පැවත්වුණේ 45 වන වරටයි.එහිදී මෑත කාලයේ වඩාත් කතාබහට ලක් වූ චනිත්මා සිනලි පහසුවෙන්ම සූරතාවය හිමි කර ගත්තාය.පිරිමි සූරතාවයද සුපුරුදු පරිදි රවිඳු ලක්සිරි දිනා ගැනිමට සමත් විය.
චනිත්මාගේ සූරතාවය හරහා ඇය අභියෝගයකින් තොරව ජාතික සූරිය ලෙස සිය ස්ථානය තහවුරු කළාය.එසේම ඇයට මඩ ප්‍රහාරයක් නිර්මාණය කරන්නට ෆතුමිව භාවිතා කළ අය ෆතුමි ඉස්ලාම් භක්තිකයන් අතරින් පහළ වූ ලංකාවේ විශ්මය ජනක මුස්ලිම් නියෝජනයක් ලෙස හඳුන්වන්නට උත්සාහ කළේය.යස්මින් සරූක් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ක්‍රීඩා දක්ෂතාවලට අමතරව පුහුණුකාරීත්වයෙන් ද දස්කම් දැක් වූ ස්කෝෂ් ක්‍රීඩාවේ කාන්තා මුස්ලිම් නියෝජනයට මෙවරද අගයක් එකතු විය.ඒ තෙවන තැන දිනූ ඉෆ්රා ශස්මින් බූසෝ නිසාය.
චනිත්මා ඉදිරියේ අනු සූරිය වූ රන්ලිය වුඩ් අවසාන තරගයේදී තරග වට 3-0 ක් ලෙස පාරායට පත් කරමින් චනිත්මා තමන් මේ රටේ ජාතික සූරිය බව යළිත් තහවුරු කළාය.

පිරිමි තරග අංශයේදී ද රවිඳු ලක්සිරි ජාතික සූරතාවය රැක ගත්තේ ද අභියෝගයකින් තොරවය.ඔහු ඉදිරියේ අනු සූරයා බවට පත් වූයේ ශමීල් වකීල් ය.තෙවන තැන නෙවිදු ලක්මන් විසින් දිනා ගනු ලැබීය.
මෙවර 45 වන වරට රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් සංකීරණයේ පැවති ජාතික ජ්‍යෙෂ්ඨ ස්කොෂ් සූරතාවය සම්බන්ධයෙන් වැඩි දෙනෙකුගේ අවධානය යොමු වී තිබුණේ එහි චනිත්මා ද සිටි බැවිනි.ඇයට සිඳු වූ අසාධාරණයට එරෙහිව පාසල් වර්ණ ප්‍රදානෝත්සවයේදී ප්‍රසිද්ධියේ කළ අභියෝගය ඊට හේතු විය.ඒ සමඟම ඒ නිර්භිතකම නොමැති ඇයගේ පාසලේ නොවන අසාධාරණයන්ට ලක් වූ සිසු සිසුවයනගේත්,එවැනි දේවලට මුහුණ දුන් දරුවන්ගේ දෙමව්පියන් ප්‍රමුඛ කොට ගත් හෘදයංගම මිනිසුන් විශාල පිරිසකට ඇය විරවරියක් විය.
එසේම මේ වීරත්වයට එරෙහි වූ ද්‍රෝහීකම් ද සාවද්‍ය කාරණා අමුණමින් ඇයගේ ක්‍රීඩා කෞශල්‍යයට අවලාද නඟන්නට,අපවාද එකතු කරන්නට උත්සාහ කළ අතර එවැනි මොහොතක ලංකාවේ සියළුම ස්කොෂ් දැවන්තයින් එකතුවන ජාතික සූරතාවලිය ඒ සියල්ලටම පිළිතුරු සැපයීම සඳහා ඇයට සකසා දුන් ආශිර්වාදාත්මක වේදිකාවක් විය.ඒ නිසාම ඇය සමඟ හෘදයාංගමව එකතු වූ සුවිශාල මිනිසුන් ප්‍රමාණයක් මෙහි ප්‍රතිපළ ගැන උනන්දුවෙන් ඇය සමඟ රැඳී උන් අතර,බොරු චෝදනා එකතු කළ පිරිස් යම් අඩු පාඩුවක් ප්‍රාර්ථනා කරමින් අයහපත් හැඟීමෙන් මේ තරගාවලිය දෙස බලා සිටි බව ද අපි දනිමු.

අවසානයේ 45 වන ස්කොෂ් ජාතික සූරතාවලියේ ඇය නැවත වරක් බොරු චෝදනාලාභීන්ට සිය හැකියාවෙන් පිළිතුරු ලබා දෙමින් වට 3-0 ක් ලෙස අවසාන තරගය ද ජය ගනිමින් ඇයගේ සූරත්වය නැවතත් විදහා පාන්නට සමත් වූවාය.
චනිත්මා ඔබට මේ ජයග්‍රහණය ලැබුණු සේ ම,ඔබේ සටනට ද ජය හා සාධාරණය ලැබේවා යි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.!


