වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ජාතික පිරිමි කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු උපදේශක ලෙස ලසිත් මාලිංග පත් කිරිමට තීරණය කර ඇත.2026 දෙසැම්බර් 15 සිට ජනවාරි 25 දක්වා මාසයක කාලයක් සඳහා කෙටි කාලීන පදනමක් මත මෙම පත්වීම ක්‍රියාත්මක වේ.
ICC පිරිමි T20 ලෝක කුසලානය 2026 සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත්ව ගොඩනැගීමේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ ජාතික වේග පන්දු යවන්නන්ගේ සූදානම සහ සංවර්ධනය සඳහා මාලිංගගේ සහය අපේක්ෂාවෙන් මෙම පත් කිරීම සිඳු කර ඇත.
ඉදිරි ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාවේ සූදානම ශක්තිමත් කිරීම සඳහා මාලිංගගේ අතිවිශාල ජාත්‍යන්තර අත්දැකීම් සහ විශේෂයෙන් කෙටි පන්දු යැවීම සහ නිලකුණු පන්දු යැවීමේ ප්‍රවීණතාවය උපයෝගී කර ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අරමුණ වී තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරන ICC පිරිමි T20 ලෝක කුසලානය 2026 පෙබරවාරි 7 වන දින ආරම්භ වන අතර එහි ආරම්භක තරගය කොළඹ SSC හිදී පැවැත්වීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...