ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම

පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ බොහො ටිකයි
කවි කිවිඳියන් බෙදා ගන්නේ තමන් විඳිනා කවි රසයි
කවිය අවියයි සිතට සුවදෙයි බස රස ද පෝෂණය වෙයි
මෙ කප ඇති තෙක් සඳැස් පණ නල ගැහෙන්නේ මේ හෙළ බිමෙයි

-අනුර

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

අන්තර්ජාල ‘ලන්ඩන්කවි සරණියට’ වසර පහ සපිරෙයි.

2003 දී මුද්‍රිත මාධ්‍යයෙන් ඇරැඹි ‘ලන්ඩන් කවිය’ 2021 ජනවාරි යෙහි සිට අන්තර්ජාල කලාපයක් ලෙස අද වනතුරු නොකඩවා සෑම මසකම 1 දා ඔබ හමුවට ගෙන ආවෙමු. එදා සිට අද දක්වා පළවූ පිටකවර හැටෙන් මෙවර කලාපයේ කවරය හැඩ වෙයි.එදා මෙදා තුර මෙහි කවි කිවිඳියන් 675 කගේ නිර්මාණ 5341 ක් පලවී තිබේ. මෙයට දායක වූ ඔබට ද, පාඨක සැමට ද අපගේ නොමඳ සෙනෙහස සහ කෘතඥතාවය හිමිවේ.