රෂිකා හෙන්නායක ජනවාරි 03 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
මෙක්සිකෝවේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශයන්ට ප්‍රභල භුමිකම්පනයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය පැවසුවේ, අදාළ භූමිකම්පාව රික්ටර් මාපකයේ 6.5 ක් ලෙස සටහන්ව ඇති බවයි.
භූමිකම්පාව හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙන බවද වාර්තා වේ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ එරට ප්‍රධාන වරායක් සහ වෙරළ නිවාඩු නිකේතනයක් වන ඇකපුල්කෝ අසල භූමිකම්පාව සිදු වූ බවයි.
ඒ හේතුවෙන් ඇකපුල්කෝ අවට සහ ප්‍රාන්තයේ අනෙකුත් මහාමාර්ගවල නායයෑම් කිහිපයක් වාර්තා වී තිබෙනවා. භූමිකම්පාව හේතුවෙන් නිවාස 50 ක් පමණ විනාශ වී ඇති බවත් ඇතැම් නිවාස ඉරිතැලීමට ලක්ව ඇති බවත් සඳහන් වේ.
ගුවෙරේරෝ අගනුවර වන චිල්පන්සිංගෝහි රෝහලකට භූමිකම්පාවෙන් විශාල හානි සිදුවී තිබෙන අතර , මේ හේතුවෙන් අදාළ රෝහලෙන් රෝගීන් ඉවත්කර ගැනීමට කටයුතු කළ බව වාර්තා වේ.


