සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට නියමිත බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ අනුව එම සාකච්ඡාව අද (28) දහවල් 12.00ට මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වෙනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.
මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ අද පෙරවරුවේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
RN