දිගු කළකට පසු ඩොලරයේ මධ්‍ය අගය රු. 310 සීමාව ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW :

අද (07) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවට විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) රු. 310.02ක් ලෙස වාර්තා වී ඇත. 2024 පෙබරවාරි 29 දිනෙන් පසු ඩොලරයේ මධ්‍ය අගය මෙලෙස රු. 310 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වන අතර, අද (07) දිනයේ,  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 306.28ක් හා විකුණුම් මිල රු. 313.81ක් ලෙසින් සටහන් වී ඇත.

පසුගිය 2025 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරය හමුවේ 5.6%කින් අවප්‍රමාණය වී ඇති බව, ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර සඳහන් කර සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...