විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු කරන නිලධාරීන් සඳහා සයිබර් ආරක්ෂණය වෙනුවෙන් මාර්ගෝපදේශන සංග්‍රහයක් සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය උපදෙස් දී තිබේ.

ඒ,6-13 ශ්‍රේණි සඳහා අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ කාර්ය සාධන බළකායේ මාර්ගගත ආරක්ෂණය, ඩිජිටල් යහපැවැත්ම සයිබර් ආරක්ෂණයට අදාළ කාර්ය කන්ඩායම සමඟ ඊයේ (06) අරලිය ගහ මන්දිරයේ පැවති සාකච්ජාවේදීය.

එහිදී පාසල් සිසුන් සඳහා විෂයමාලා සකස් කිරීම, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු කරන නිලධාරීන් සඳහා මාර්ගගත ආරක්ෂණය, ඩිජිටල් යහපැවැත්ම, සයිබර් ආරක්ෂණය (Online Safety, Digital Wellbeing, Cyber Security) වෙනුවෙන් මාර්ගෝපදේශන සංග්‍රහයක් සකස් කිරීම සඳහා උපදෙස් ලබා දී ඇත.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් ඒ.බී.එම්. අෂ්රෆ්, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සරත් ආනන්ද යන මහත්වරුන් ඇතුළු කාර්ය සාධක බලකායේ සමාජිකයින් සහභාගී විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...