බදුලු දිස්ත්‍රික්කයේ සියළු පාසල් වසයි!

0
299

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW :

අද (09) පෙ.ව.11 වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදී දරුවන් සහ ගුරුවරුන් නිවෙස් වෙත යැවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දැනුම්දීමක් සිදුකරයි.

මේ වනවිට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නවතම අනාවැකිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව මෙම පියවර ගත් බව වැඩිදුරටත් වාර්තා වේ.