දූෂිත ටෙන්ඩරයකින් බාල ගල්අඟුරු මෙරටට ආනයනය කරලා – පොහොට්ටුවෙන් ආණ්ඩුවට අභියෝගයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW :

බලශක්ති ඇමති කුමාර ජයකොඩිට ඩී.වී චානකගෙන් අභියෝගයක් එල්ලවී තිබේ.

දූෂිත ටෙන්ඩරයක් මගින් බාල ගල්අඟුරු මෙරටට ආනයනය කර පාඩු සිදුකර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක පාර්ලිමේන්තුවේදී පැවසීය. බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට ඕනෑම නාලිකාවක දූෂිත ගල්අගුරු ටෙන්ඩරය ගැන විවාදයකට පැමිණෙන ලෙසට තමා අභියෝග කරන බවත් එම ගනුදෙනුව සම්පූර්ණයෙන්ම දූෂිත බව තමා ඔප්පු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක කියා සිටී.

වත්මන් රජය සිය පාලන කාලයේ මුල් සතියේ සිටම දූෂණ සහ වංචාවල නිරත වන බවට චෝදනා කරමින්, මන්ත්‍රී ඩී.වී. චානක මහතා පාර්ලිමේන්තුවේදී මහා පරිමාණ ගල්අඟුරු වංචාවක තොරතුරු අනාවරණය කළේය.

සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ කැඳවිය යුතු ගල්අඟුරු ටෙන්ඩරය, සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීමට රජය කටයුතු කර ඇති බවත්, ලංකාවට ගෙනා පළමු ගල්අඟුරු නැව් දෙකේ Calorific value 5600-5800 අතර පවතින බව ලක්විජය බලාගාරයේ පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවත් කියයි.

ගල්අඟුරු ටෙන්ඩර් මාර්ගෝපදේශ අනුව මෙය අවම වශයෙන් 5900 විය යුතු බවද ඔහු පෙන්වා දේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...