බ්‍රසීලය සිය ආරක්ෂාව තර කරමින් වෙනිසියුලාවේ දේශසීමාව අසලට ජාතික ආරක්ෂක භටයින් යැවීමට සැළසුම් කරයි

සටහන: සශිකලා මධුෂාණි

ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(08)දිනයේ බ්‍රසීල සාඕ පවුලෝ රජයේ නිල නියෝගයකට අනුව, වෙනිසියුලාවට මායිම් වන උතුරු රොරයිමා ප්‍රාන්තයට ජාතික ආරක්ෂක භටයින් යැවීමට සුදානම් බව වාර්තා වේ.

ඒ අනුව, රජය විසින් ජාතික මහජන ආරක්ෂක බලකායේ (FNSP) භටයින් සංඛ්‍යාවක් පැකරයිමා වෙත මෙන්ම දේශසීමාවේ සිට කිලෝමීටර් 213 ක් (සැතපුම් 132) පමණ දුරින් පිහිටි රොරයිමා අගනුවර වන බෝවා විස්ටා වෙත යැවීමට අවසර දී ඇත.

එක්සත් ජනපදය සෙනසුරාදා(03)දින වෙනිසියුලාවට බෝම්බ හෙලා එහි ජනාධිපති නිකොලස් මධුරෝ පැහැර ගැනීමෙන් පසුව මෙම පියවර ගෙන ඇති අතර, බ්‍රසීලය පකරයිමා අසල වෙනිසියුලාව සමඟ එහි දේශසීමාව තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත.

වෙනිසියුලාව දේශසීමාවේ සිය හමුදා පැවැත්ම ශක්තිමත් කරමින් සිටින බවත්, වෙනිසියුලානු සාමූහික කණ්ඩායම් සහ පළමු කැපිටල් කමාන්ඩ් (පීසීසී) සහ රෙඩ් කමාන්ඩ් (සීවී) වැනි බ්‍රසීලියානු කල්ලි ඇතුළු බහු සන්නද්ධ කණ්ඩායම් මෙම ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බවත් බ්‍රසීල මාධ්‍ය වාර්තා කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...