පොලිස් වෙඩි පහරින් සැකකරුවකු මරුට ! (VIDEO)

වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසකට මන්නයකින් පහරදීමට පැමිණි පුද්ගලයකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

සවස වැලිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයින් තිදෙනෙකු සමඟ ධාවනය වූ යතුරුපැදියක් නැවැත්වීමට රථවාහන පොලීසිය විසින් නියෝග කර ඇති අතර එහිදී එහිදී අදාළ යතුරුපැදිය අණ නොතකා ධාවනය කර ඇත.

පසුව එම යතුරුපැදිකරු නිවසට ගොස් ඇති අතර පොලිස් නිලධාරීන් ඔහුව ලුහුබැඳ නිවසට යාමේදී එම පුද්ගලයා මන්නයකින් පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කළ බවත් එහිදී පොලිස් නිලධාරීන් වෙඩිතැබූ බවත් පොලීසිය සඳහන් කරයි.

වෙඩි වැදීමෙන් පපුවට සහ පාදයකට තුවාල සිදුවූ සැකකරු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ 28 හැවිරිදි තරුණයකු වන අතර ඔහු මීට පෙර මත්ද්‍රව්‍ය චෝදනා 07ක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වී ඇති බවත් මේ වනවිට තවත් අපරාධ චෝදනා දෙකක් සම්බන්ධයෙන් නඩු විභාගවෙමින් පවතින බවත් පොලීසිය ප්‍රකාශ කරයි.

වෙඩිතැබූ අවස්ථාවේදී පොලිස් නිලධාරියකු විසින් සිය ජංගම දුරකථනයෙන් පටිගත කරන ලද වීඩියෝවක් පහතින් දැක්වේ. එම වීඩියෝවෙන් නම් පෙන්නුම් කෙරෙන්නේ සැකකරු මන්නා ප්‍රහාරයක් එල්ල කිරීමට තරම් ළඟට පැමිණීමට පෙරම පොලිස් නිලධාරීන් ඔහුට වෙඩි ප්‍රහාරයක් එල්ල කරන බවත් පළමු වෙඩි පහර වැදී තිබියදී දෙවැනි වරටත් වෙඩි ප්‍රහාරයක් ද එල්ල කරන බවත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට රු. මිලි. පහක අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...