සටහන – පුලී
ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත් ජනපද ජනාධිපතිවරයා තම ජීව විද්‍යාත්මක පියා බව පවසමින් පීතෘත්වය පිළිබඳ නඩුවක් ගොනු කර ඇති අතර එය සනාථ කිරීම සඳහා DNA පරීක්ෂණයක් ද ඉල්ලා සිටින බවක් අද විදෙස් මාධ්‍ය ඔස්සේ දිඟ හැරුණු අමුතු කතාවකි.
55 හැවිරිදි නෙක්ලා ඔස්මන් යන ඇය අන්කාරා හි ජීවත් වන අතර ඉකුත් සැප්තැම්බර් 25 වන දින ඇය මේ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ගොනු කළ බව වාර්තා වේ. නඩුව වහාම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද නමුත් ඇය තම අභියාචනය දිගටම කරගෙන ගියාය.
නෙක්ලා පැවසුවේ ඇය 1970 දී උපත ලැබූ බවත් ඇයව ඇති දැඩි කළ යුවළ වන Sati සහ ඩර්සන් ඔස්මන්ගේ දියණිය ලෙස ඇය ලියාපදිංචි වී ඇති බවත්ය. ඇය තවදුරටත් කියා සිටින්නේ ඇයව හදා වඩා ගත් බවත් Sati ඇයට සත්‍යය පැවසූ බවත් පසුව මේ පිළිබඳ ඇය දැනගත් බවකි.
මෙම ළදරු හුවමාරුව 1970 දී පමණ තුර්කියේ රෝහලක සිදු වූ බව නෙක්ලා පවසන අතර ඇයට අනුව, Sati මිය ගිය දරුවෙකු බිහි කර ඇති බවත්, එම දිනයේම දරු ප්‍රසූතියක් සිදු කර එම රෝහලේ සිටි ඇමරිකානු කාන්තාවක් තම දරුවා ඇති දැඩි කිරීමට ලබා දී ඇති බවත් ප්‍රකාශ කළාය.
ඇමරිකානු කාන්තාව ඔස්මෙන් පවුලට දරුවා ලබා දුන්නේ ට්‍රම්ප් සමඟ ඇති ඇගේ අනියම් සම්බන්ධය නිසා බව නෙක්ලා පවසයි. ඇය විනිසුරුවන්ගෙන් මේ පිළිබඳ ජාන පරීක්ෂණයක් පවා ඉල්ලා සිටියාය.
තමාට මේ සිදුවීම පිළිබඳ සත්‍යය දැන ගැනීමට අවශ්‍ය බව පවසමින් නෙක්ලා, ට්‍රම්ප් සහ ඔහුගේ දරුවන් සමඟ තමාට සමානකම් ඇති බව ද අවධාරනය කරයි.

