සටහන – රුවන් නෙළුගොල්ල
නොරොච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු සැපයීම සඳහා 2025 වසරේ ප්‍රදානය කරන ලද ටෙන්ඩරයේ වංචනික කටයුත්තක් සිදුව ඇතැයි යන්න ඉතාම පැහැදිලි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
මෙහිදී සපයන ගල් අඟුරු වල ශක්ති උත්පාදනය 5900 KCal/kg හෝ ඊට වඩා වැඩිවිය යුතු බව ටෙන්ඩර් කැඳවීම සඳහා පළ කළ දැන්වීමේම සඳහන්ව ඇති අතර එම අගය ඊට අඩුවන්නේ නම් එම ගල් අඟුරු තොග ප්‍රතික්ෂේප කළයුතු බව ටෙන්ඩර් ගිවිසුමේ සඳහන්ව ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ.
එහෙත් මේ වනවිට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට ගොඩබා ඇති ගල් අඟුරුවල ගල් අඟුරු වල ශක්ති උත්පාදනය 5600 – 5800 KCal/kg අතර යැයි ලක්විජය බලාගාරයේ රසායනාගාරයේ වාර්තාවෙන් හෙළිවී ඇති බැවින් මෙහිදී පැහැදිලිවම වංචාවක් සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකළ යුතු බවත් ජයගොඩ මහතා අවධාරණය කරයි.






