උගන්ඩාවට ජයග්‍රහණ බර වැඩි කරන දුර

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW:

ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ තලහසී නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවති ලෝක රට හරහා දිවීමේ තරගාවලියේදී දුර දිවිමේ ජයග්‍රහණයේ උරුමක්කාරයන්ට නොසිතූ අභියෝගයක් එල්ල කරමින් කාන්තා සහ පිිරිමි කණ්ඩායම් සූරතා දෙකේම තෙවන තැන දිනා ගන්නට උගන්ඩාව සමත් වුණා.ඒ ප්‍රබල අභියෝගයක් එල්ල කරමින්.ශ්‍රී ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක හැරවුමකට තදින් බලපෑම් කළ රටක් හැටියට ගැනෙන උගන්ඩාව ලංකාවේ දේශපාලන ඉරණම වෙනස් කිරීමේ තීරණාත්මක සාධකයක් වූයේ ඒ සම්බන්ධයෙන් ගොඬ නැඟු ප්‍රබන්ධයන් මතය යන්න අද වන විට සමාජය මත තහවුරු වෙමින් පවතින්නේ බලය ලද චෝදනා එල්ල කළ පිරිස් ඒ ගැන නිසා පරික්ෂාවක් නොකරන තත්ත්වය තුළයි.

අවුරුදු 20 න් පහළ රන් පදක්කම්ලාභි කාන්තා කණ්ඩායම


කෙසේ හෝ මෑත කාලීනව උගන්ඩාව සියළු කේෂ්ත්‍ර හරහා පිබිදීමක් පෙන්වනවා.ආර්ථික වශයෙන් ශක්තිමත් වෙමින් තිබෙන බව මෙන්ම යම් පිළිවෙළක් සහ සැළසුමක් සහිත සමාජ පද්ධතියක් දකින්නට ලැබෙනවා.මේ උග්නඩාව සම්බන්ධයෙන් මෙන්ම එහි ක්‍රීඩාව සම්බන්ධයෙන් ද කොපමණ දුෂ්කර තත්ත්වයක් තිබුණේ ද යන්න සාකච්ඡාවට ලක් වූ සිනමා පටයක් හැටියට එරටින් නිර්මාණය වූ අග්‍රගනයේ චෙස් ක්‍රීඩිකා පියෝනා මුට්සේ ගේ ජීවිතය ඇසුරෙන් තැණුන ක්වීන් ඔෆ් කැට්වේ සිනමා පටය හඳුන්වන්නට හැකියි.උගන්ඩා අගනුවර වන කම්පාලා ප්‍රදේශයේ මුඩුක්කු කොටසක් සේ සැළකෙන කැට්වේ හී ජිවත් වූ පියෝනාගේ ජීවිතය උගන්ඩාව සම්බන්ධයෙන් ඇති දරිද්‍රතාවය ආහ්‍රීත කතා වෙනස් වෙමින් තිබෙනවා මෙන්ම ඔවුන් කාලයක් තිස්සේ දුක දරා ගැනීමේ හැකියාව ලෝකගත කළ දුර දිවීමේ හැකියාව වඩාත් සංවිධානාත්මක තැනකට ගෙන එමින් ලෝකය ආක්‍රමණය කිරීමේ හැකියාව ඔප මට්ටම් කර ගනිමින් සිටිනවා.

අවුුරුදු 20 න් පහළ පිරිමි රිද පදක්කම දිනා ගත් කණ්ඩායම


මේ මාර්ගයේ අග්‍රපලයක් ලෙස මෙවර තලහසී හී පැවති ලෝක රට හරහා දිවිමේ සූරතාවලියේ කාන්තා සහ පිරිමි සමස්ත සූරතාවයන්හී තෙවන තැන උගන්ඩාව විසින් දිනා ගැනීම හැඳින්විය හැකියි.පිරමි සමස්ත සූරතාවයේ තෙවන,දෙවන සහ පළමු තැන් පිළිවෙලින් උගන්ඩාව,කෙන්යාව සහ ඉතියෝපියාව දිනා ගත් ආකාරයටම කාන්තා අංශයේදීත් පළමු ස්ථාන තුන තීරණය වුණා.
ඉතියෝපියාව මේ තරගාවලියේ සූරතාවය දිනා ගැනීම කෙන්යාව අනු සූරයන් වීමට වඩා වැදගත් අවධානය යොමු කළ යුතු කාරණය වන්නේ උගන්ඩාව ඒ සඳහා අභියෝග කළ හැකි මට්ටමට වර්ධනය වෙමින් පැවතීමයි.එසේම ලෝක ඉතිහාසයේ රට හරහා දිවීමේ තරග කේෂ්ත්‍රෙය් පිට පිටම තෙවරක් ලෝක සූරයා වීමේ ගෞරවය ජේකබ් කිප්ලිමෝ සමත් වුණා. එය මීට පෙර ජෝන් නුගි, පෝල් ටර්ගාට් සහ කෙනෙනිසා බෙකෙල් විසින් දක්වන ලද දක්ෂතාවන් සමාන කිරීමක් වන අතර එම හැකියාව පෙන්නූ සිව්වැන්නා වීමේ අවස්ථාව කිප්ලිමෝ විසින් තහවුරු කර ගනු ලැබුවා.

ජ්‍යේෂඨ කාන්තා ලෝකඩ පදක්කම්ලාභි කණ්ඩායම


කාන්තා රට හරහා දිවිමේ සූරිය වන්නට කෙන්යාව නියෝජනය කළ ඇග්නස් නෙග්ටිච් සමත් වූ අතර උගන්ඩාව කාන්තා දුර දිවීමේ කේෂ්ත්‍රය තුළ ඉදරියට පැමිණෙමින් තිබෙන බව තහවුරු කරමින් මුල් ස්ථාන 10 අතරට උගන්ඩා ක්‍රීඩිකාවන් තිදෙනෙකුම පැමිණීම හැඳින්විය හැකියි.ඒ අතර තරගයේ දෙවන ස්ථානය දිනා ගත් උගන්ඩා ක්‍රීඩිකා ජෝයි චෙප්ටොයෙක් ද සිටීම අගය කළ හැකියි.එසේම හයවන සහ නවවන ස්ථාන දිනා ගත්තෙත් උගන්ඩා ක්‍රීඩිකාවන්මයි.
රට හරහා දිවිමේ බලය සඳහා උගන්ඩාව විසින් කරනු ලබන බලපෑම තව දුරටත් තහවුරු වූ අවස්ථාවක් හැටියට කණිෂ්ඨ අංශයේ (අවුරුදු 20 න් පහළ) කාන්තා කණ්ඩායම් රන් පදක්කම සහ පිරිමි අංශයේ රිදී පදක්කම දිනා ගන්නට සමත්වීම කැපී පෙණුනා.ඒ දක්ෂතාවලින් පැහැදිළි වන්නේ අනාගතයට උගන්ඩාව මිටත් වඩා ලෝක දුර දිවීමේ කේෂ්ත්‍රය තුළ කැපී පෙණෙන දක්ෂතා දැක්විමට නියමිත බවයි.
ප්‍රධාන ඡායාරූපයේ මෙවර ලෝක සූරතා රට හරහා දිවීමේ තරගාවලියේ සූරයා වූ කිප්ලිමෝ සහ අනු සූරිය වූ චෙප්ටයොක් දැක්වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ ආණ්ඩුව ඉදිරියට යන්නෙ රිවර්ස් එකේ !

උපාලි කොළඹගේ කොළඹ LNW:6 ශ්‍රේණියේ සිට ආරම්භ කිරීමට සිටි අධ්‍යාපන...

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවට වූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

විමල්‍ට වරෙන්තු!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : හිටපු ඇමති විමල්...

LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරිම මාර්තු 26 දා

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: එල්පීඑල් තරගාවලියේ හයවැන්න 2026...