ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කළ බවට විත්තිකරුවන් 41 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අදට නියමිතව තිබුණද එය එළඹෙන පෙබරවාරි 11 වැනිදා දක්වා කල් තබා තිබේ.
විනිසුරු සහන් මාපා බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙළ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරු මඩුල්ල ඉදිරියේ අද (14) එම නඩුව කැඳවන ලදී.
එම අවස්ථාවේ දී රජය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර ලිඛිත ලේඛන ඉදිරිපත් කිරීමට ප්‍රමාද වීී සම්බන්ධයෙන් කණගාටුව පළ කර සිටියා.
කෙසේ නමුත් පිටු 650 කට ආසන්න ප්‍රමාණයකින් යුතු ලිඛිත දේශනයන් පසුව අධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇති බවයි සඳහන් වන්නේ.
මෙම නඩුවේ දී විත්තිකරුවන් 41 දෙනෙකු සිටින හෙයින් මෙම සෑම විත්තිකරුවෙක් සම්බන්ධයෙන්ම වෙන් වෙන්ව සාක්ෂි හා CCTV දර්ශන ආදිය සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බව සඳහන් කරමින් අද එම තීන්දුව ප්‍රකාශ කිරීම අපහසු බවයි විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ.
2022 මැයි මාසයේදී පැවති අරගල සමයේදී නිට්ටඹුව නගරයේදී පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා 2022 අරගල සමයේ නිට්ටඹුව නගරයේදී පහර දී ඝාතනය කර තිබුණි.
එම ඝාතන සිද්ධියට එරෙහිව 41 දෙනෙකුට එරෙහිව නඩුව පවරා තිබේ.
අමරකීර්ති අතුකෝරළ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කළ මන්ත්‍රීවරයෙක් විය.


