Tik Tok ගැන යුරෝපයෙන් අලුත් තීරණයක්

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:TikTok සමාජ මාධ්‍ය වේදිකාව, වයස අවුරුදු 13ට අඩු දරුවන්ගේ ගිණුම් හඳුනාගෙන ඉවත් කිරීම සඳහා නව තාක්ෂණයක් ඉදිරි සති කිහිපය තුළ යුරෝපය පුරා ක්‍රියාත්මක කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

TikTok සමාජ මාධ්‍ය පාලනය කරන ByteDance සමාගම ඒ බව ප්‍රකාශ කර තිබෙන අතර එය එක්සත් රාජධානියේදී වසරකට අධික කාලයක් පැවති පරික්ෂණාත්මක වැඩසටහනකට අනුව සංවර්ධනය කර ඇති බව සඳහන්.

මෙම තාක්ෂණය, ගිණුමේ තොරතුරු, පලකරන වීඩියෝ සහ පරිශීලක හැසිරීම් තොරතුරු විශ්ලේෂණය කර අදාළ ගිණුම 13 වයසට අඩු පුද්ගලයෙකුට අයත්දැයි අනාවරණය කිරීමට උපකාරී වන ලෙස සකස් කර ඇත.

තාක්ෂණය අනාවරණය කළ ගිණුම් ස්වයංක්‍රීයව අහෝසි නොකර, විශේෂ නිරීක්ෂකයින් විසින් සලකා බැලීමට නියමිතය බව දක්වා තිබේ.

මෙම නව වැඩපිළිවෙල, 13 වයසට අඩු දරුවන්ගේ ගිණුම් හඳුනා ගැනීමේ සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීමේ යුරෝපානු නියාමන පීඩනයට පිළිතුරක් ලෙස සිදුකරන අතර මේ වන විට දරුවන් සමාජ මාධ්‍ය භාවිතා කිරීම පිළිබඳ විශාල සංවාදයක් ගොඩනැගී තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේදී ඕස්ට්‍රේලියාව 16 වයසට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතයට සීමා කිරීමට කටයුතු කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...

ශ්‍රී ලංකාව නැවත ගොඩනැංවීමට තායිලන්ත රජයෙන් රු. මිලි. 10.2ක මුදල් ආධාරයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ‘දිට්වා’ සුළි කුණාටුවෙන්...

සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන පිබිදීමක්…

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...

Kohli සහ Anushka ගේ සිහින විමානෙන් එහා ලෝකයට…

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රසිද්ධ ක්‍රිකට්...