සර්ව පාක්ෂික ආණ්ඩුවට පෙර මර්දනය නතර කළ යුතුයි – සෝභිත හිමි

Date:

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ජනතා ගැටලු විසඳීමට අවංක වුවමනාවක් තිබේ නම්, ඊට පෙර අරගලයට සහාය දුන් පුද්ගලයන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ඇතුළු මර්දනකාරී ක්‍රියා අත්හිටුවිය යුතු බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසනවා. ඇඹිලිපිටියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සෝභිත හිමි මේ බව සඳහන් කළේය.

සාමකාමීව ආරම්භ කළ නිර්පාක්ෂික අරගලය භීෂණකාරී තත්වයක් කරා කැඳවාගෙන ගියේ රාජපක්ෂලා විසින් බවත්, ඒ් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගෙන අරගලකරුවන් මර්දනය කිරීමට උත්සාහ කිරීම දැඩි පිළිකුලෙන් හෙළා දකින බවත් සෝභිත හිමි අවධාරණය කරනවා.

නීතියේ ආධිපත්‍යය සැමට සමාන වියයුතු බැවින් මැයි 09 වැනිදා රටම ප්‍රචණ්ඩත්වයට ඇදදැමීම සඳහා වගකිව යුතු පුද්ගලයන් පළමුව අත්අඩංගුවට ගතයුතු බවද සෝභිත හිමි පවසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...